*
Sunday, November 24, 2024
spot_img

Latest Posts

රගර්වලට නිත්‍ය වැඩ පිළිවෙලක් සමඟ දෙවසරක් පෙරට – හරීන් ප්‍රනාන්දු

සටහන – නිශ්මං රණසිංහ

මැයි 14, කොළඹ (LNW):  දෙවසරකට සුළු වැටුපකුත් සමඟ ක්‍රීඩකයින් 45 දෙනෙකුගේ සංචිතයක් වෙනුවෙන් රගර් ක්‍රීඩාවට ශ්‍රී ලංකා ක්‍රිකට් උපකාරය ලැබෙනු ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවා.ඔහු මේ අදහස් දැක් වූයේ ශ්‍රී ලංකාවේ පැවති ඒ කොටසේ ආසියානු සූරතාවලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පරිනමන ලද ඩොලර් 30000 පිරිනැමීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් ක්‍රීඩා අමාත්‍යරයා මේ බව පැවසීය.එහිදී එම දායකත්වය පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත සිය ස්තූතිය පුද කරන්නට ද අමතක නොකළේය.එසේම ඉදිරියේ දී දේශීයව හා විදේශීයව තරගාවලි 05 ක් සදහා ඉදිරිපත් වීමට අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට සකස් කර දෙන බව ද අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා සභාව ආමන්ත්‍රණය කරමින් දැක් වූ කරුණු අඩංගු වීඩියෝ පටයක් මේ සටහකට සම්බන්ධව තිබේ.ඒ නිසා හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ කතාව දීර්ඝ ලෙසින් සාකච්ඡාවට නොගත්තත් මේ මොහොත සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ශ්‍රී ලංකා රගර් මෙන්ම ඇමති පුටුවේ සිටි අයගේ හැසිරීම් ද සිහියට නඟමින් පහත කරුණු එක් කරන්නට තීරණය කළෙමු.

ඔබ සැම කණ්ඩායමක් ලෙස එක්ව ශ්‍රී ලංකාවේ රග්බි තිබෙන ස්ථානය කොතනද කියලා පෙන්නපු නිසා මට ලොකු විස්වාශයක් තිබෙනවා ඉදිරියේ දී ජයග්‍රහණ ලබා ගැනීමේ ප්‍රවනතාවය වැඩියි කියලා. අපි අද අධිෂ්ඨාන කරගමු ඉදිරි වසර දෙක ඇතුලත ආසියාවේ පළමු කණ්ඩායම් 03 ඇතුලත ශ්‍රී ලංකාව ඉදිරියටම ගෙන එනවා කියලා.’’

හරීන් ප්‍රනාන්දු විසින් මේ අදහස් දක්වන ලද උත්සව අවස්ථාවට එක්ව සිටියේ පසුගිය කාලයේ හරින්ගේ අසුනේ සිටි අයම අවුල් කළ තැන්ය.ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ශ්‍රී ලංකා රගර් ය.ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ අතරින් අයිසීසී ආශිර්වාදය මත නැවත ස්ථාපිත වුව ද ශ්‍රී ලංකා රගර් සම්බන්ධ සිඳුවීම ඊට වෙනස් විය.එහිද ශ්‍රී ලංකාවට එරෙහිව සිටියේ ජාත්‍යන්තර වශයෙන් ආසියානු රගර් හී සභාපතිය.ඔහු වටා ලංකාවේ දේශපාලකයෝ මෙන්ම ඔහුගේ හොඳ හිත දිනා ගත් පිරිස් ද,ඇමතිවරුන් ළඟට රිංගා ගත් ලංකාවේ රගර් හී බලයේ සිටි චරිත ද වූහ.

ශ්‍රී ලංකා සභාපතිට එල්ල කළ චෝදනා විධිමත් පරීක්ෂණයකින් තොරව කළ ඒවා බවත්,මේ වන විට ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තරය ඉදරියේ නීතිමය මාර්ගයට අවතීර්ණ වීමට ඔහු උත්සාහ කරන බවත් සියල්ලෝ දනිති.ඔහු ඉවත්ව ගිය රගර් ඒ වන විට තිබුණේ හිටපු නිලධාරීන් ඇති කළ ණය බරින් මිදෙමින්ය.හිටපු අය කළ ආගමන විගමන නීති උල්ලංඝණය කිරීම් ලෝකය ඉදිරියේ නිරාවරණය වී වරදට දඬ ගෙවමින්ය.දැන් හරීන් ප්‍රනාන්දු වැඩ සටහන් කරන්නට සැරසෙන පසුබිමේ ද ඉහත ණය කඳු ගොඩ ගසන්නට මුල් වූ පිරිස වේ නම්,එසේම රට ලෝකය ඉදිරියේ වංචාවකට හසු කරන්නට තීරණ ගත් පිරිස් වේ නම් අමාත්‍යවරයාගේ උත්සාහය මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් මෙන්ම වෙනත් අනුග්‍රාහකයින් හරහා එන අත්දීම් ද,විශ්වසනීය ආකාරයට රගර් සඳහාම යෙදවේද යන්න සැක සහිතය.

ඒ නිසා ක්‍රීඩා අමාත්‍යවරයා හෝ ඔහු බලය පවරා ඇත්නම් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ කරුණු නිවැරදි කරන්නට මැදිහත් විය යුතුය.නයා දරවඬුවට ගන්නට නොදී පෙනය පුප්පා පෙන්නීම සහ අසත්පුරුෂයන්ට දෂ්ඨ කිරීමද කළ යුතු බව අපි විශ්වාස කරන්නෙමු.ඟගට ඉණි කැපීමට ප්‍රථම ක්‍රීඩා ඇමතිට හෝ අධ්‍යක්ෂ ජෙනරාල්ට හෝ ශ්‍රී ලංකා රගර් ජාත්‍යන්තර සංගමයේ දඩයකට යටත් කරන්නට මුල් වූ ප්‍රධාන නිල මඬුල්ල කැඳවා හඳුනාගෙන ඒ දඩය වන අදටත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර රගර් හරහා සංවර්ධනය සඳහා ලැබෙන මුදලින් අඩු වෙන පවුම් 5000 ක මුදල රගර් වෙනුවෙන් ඉතුරු කර ගන්නට කටයුතු කළ හැකිය.එම මුළු දඩය පවුම් 50000 ක් ය.

විදේශිකයෙකුට ලාංකිකයෙකු ලෙස වීසා ලබා ගැනීමට කටයුතු කළ ලිපි ලේඛන මෙන්ම,ජාත්‍යන්තර රගර් පරිපාලනය විසින් ශ්‍රී ලංකාවට එම වරද වෙනුවෙන් අය කළ දඩ මුදල වන පවුම් 50000 ගැන ද තොරුතුරු ශ්‍රී ලංකා රගර් සතුව ඇත.ඒවාට නිසි පියවර ගෙන ජාත්‍යන්තරයට ඉවත් කරන්නේ ජාත්‍යන්තරය කළ දඩුවමට හේතු වූ පුද්ගලයින් බව ලෝකයේ ඕනෑම තැනකදී කිව හැකිය.

ක්‍රීඩා ඇමතිවරු වසා දමන්නට හැදූ ක්‍රීඩාවන් දෙකක් එකිනෙකා කෙරෙහි මිත්‍රත්වය පාමින් එකතුවන තැනක් නැවත මේ පොළවේ ඇති වුණේ හරීන් ප්‍රනාන්දු නිසාය.එසේම එයට ශෙමාල් ප්‍රනාන්දු වැනි නිලධාරීන් දැක් වූ සහයෝගය ද බලපෑවේය.එහෙත් මේ දෙදෙනාටම රගර් නඟා සිටුවීමට ජාත්‍යන්තර වශයෙන් රටේ රගර් විනාශ කිරීමට දායක වූ බවට සාක්ෂි ඇති මිනිසුන් වට කරගෙන ලැජ්ජා නැතුව වැඩ කිරීම සුදුසු නැත.ඒ අය සම්බන්ධයෙන් යමක් කරන්නට බැරි මට්ටමට ජනාධිපතිවරයාගේ ආණ්ඩුවක් හැටියට නම් කරන්නට නොහැකි ආකාරයට සැකසුම සැකසී ඇති නිසා නාමල් රාජපක්ෂලාගේ,ආසියානු සභාපතිලාගේ මෙන්ම ඔවුන් ගේ සුරතලුන් රැකීම දේශපාලන කාර්යයක් හැටියට හරීන් සහ ශෙමාල් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මත පැටවී තිබෙනවාද යන්න විමසා බැලිය යුතුය.

එසේ නැතිනම් ලෝකයක් ඉදරියේ ඔප්පු වූ වරදකට දඩ ද ගෙවමින් සිටියදී ඊට බල පෑ චරිත තවමත් මහා බලවතුන් සේ රගර් ලෝකයේ පිණුම් ගසන්නේ කොසේද? අපි හරීන් සහ ශෙමාල් දෙස බලා සිටිමු.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan