සා/පෙළ අවසන් වූ වහාම උ/පෙළ ඇරඹීමට කැබිනට් අනුමැතිය!

0
283

සටහන – රෂිකා හෙන්නායක

මැයි 14, කොළඹ (LNW): අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙන අතර, සිසුන්ගේ කාලය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම අරමුණු කරගෙන අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට එලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව පැවසේ.