රණවිරුවන්ට සහනයක්!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 14, කොළඹ (LNW): රණවිරුවන්ට සහනයක් සැලසෙන සේ, රණවිරුවන්ගේ පදිංචිය සඳහා රජයේ ඉඩම් ලබාදීමේ ව්‍යාපෘතිය විධිමත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී දිවි පිදූ, අතුරුදන් වූ හා රණක්ෂිතයට පත් වූ, විශ්‍රාමික සහ දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින ත්‍රිවිධ හමුදාවේ, ශ්‍රී ලංකා පොලීසියේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ට පදිංචිය සඳහා රජයේ ඉඩම් ලබා දීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදය පිළිබඳව ඉඩම් කොමසාරිස් ජනරාල් විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත වරින් වර චක්‍රලේඛ උපදෙස් නිකුත් කරනු ලැබ ඇත. 

දැනට අනුමතව පවතින ක්‍රමවේදය තුළ රණවිරුවන්ට හිමිවන සහනය ප්‍රමාණවත් නොවන බවත් භුක්ති විඳින ඉඩම් සඳහා හිමිවන කොන්දේසි සහිත නීත්‍යානුකූල ලේඛන වල පවතින සීමාකාරී සාධක හේතුවෙන් එම ඉඩම්වල සැබෑ ආර්ථිකමය වටිනාකම නිරූපණය නොවන බවත් නිරීක්ෂණය වී ඇතැයි රජය කියයි. එබැවින් රණවිරුවන්ට ඉඩම් ලබාදීමේදී දැනට අනුගමනය කරනු ලබන ක්‍රමවේදය හේතුවෙන් පැන නැගී ඇති ගැටලු සඳහා විසඳුම් ඇතුළත් කරමින් පවත්නා ක්‍රමවේදය සංශෝධනය කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

OHCHR ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා...

දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

කොළඹ LNW:දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු...

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...