ස්ලෝවැක් අගමැතිවරයා වෙඩි ප්‍රහාරයකට ලක්වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ස්ලෝවැක් අගමැති රොබට් ෆිකෝ වෙඩි ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

අගමැතිවරයා හැන්ඩ්ලෝවා නගරයේ සංස්කෘතික ප්‍රජා මධ්‍යස්ථානයක් ඉදිරිපිට රැස්ව සිටි පිරිසට ආචාර කරමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති අතර ඔහුට වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අගමැතිවරයාට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් ස්ලෝවැකියාවේ නික්ම යන ජනාධිපති Zuzana Caputova කියා සිටියේ, අග්‍රාමාත්‍යවරයාට එල්ල වූ “ම්ලේච්ඡ හා නිර්දය” ප්‍රහාරයෙන් තමා කම්පනයට පත් වූ බවත්, ඔහුට සුවය ලැබීමට ශක්තිය ප්‍රාර්ථනා කරන බවත්ය.

පසුගිය සැප්තැම්බරයේ පැවති මැතිවරණයෙන් පසු ෆිකෝ මහතා නැවත ස්ලෝවැකියාවේ බලයට පත් වූයේ ජනතාවාදී-ජාතිකවාදී සභාගයක ප්‍රධානත්වයෙනි. අගමැති ලෙස ඔහුගේ පළමු මාස ​​කිහිපය දේශපාලනික වශයෙන් බෙහෙවින් විවාදාත්මක විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජ්‍ය සේවය ගැන ඇහෙන අලුත්ම ආරංචිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : මේ වනවිට...

තලංගම ලංකාසභා කනිෂ්ඨ විද්‍යාලය, අභිමානවත් 155 වැනි සැමරුම

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : බස්නාහිර පළාතේ, ශ්‍රී...

වත්තල ඔගස්ටීන් ….

වත්තල ඔගස්ටීන් භික්ෂුණීන් වගයකට අමතල. දැන් ඉන්නේ ඇතුලේ. හේතුව...

දකුණු ආසියාව ජයගත් ගුවන් හමුදා ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් ඇගයේ

නිශ්මං රණසිංහ නොවැම්බර් 04,  කොළඹ LNW: ඉන්දියාවේ රංචි නුවරදී පැවති සිව්වන...