ට්‍රම්ප් හා බයිඩන් ප්‍රසිද්ධ විවාදයකට සුදානමින්

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 16,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ ඔහුගේ රිපබ්ලිකන් අභියෝගකරු ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනි සහ සැප්තැම්බර් මාසවල ප්‍රසිද්ධියේ විවාද කිරීමට සුදානම් බව වාර්තා වේ.

සිය ‘X’ සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ජනාධිපති බයිඩන් සඳහන් කර තිබුණේ, ඩොනල්ඩ් ඔබට භාරයි. ඔබ පැවසූ පරිදි: ඕනෑම තැනක, ඕනෑම වේලාවක, ඕනෑම තැනක විවාදයට තමා සුදානම් බවයි.

ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාව වන Truth Social හි ප්‍රකාශ කළේ ඔක්තෝබර් 2 වන දින තුන්වන විවාදයක් සඳහා Fox News වෙතින් කළ ආරාධනයක් තමන් ද පිළිගත් බවයි. මිට පෙරද අපේක්ෂකයන් දෙදෙනා 2020 දීදෙවරක් විවාද කළ අතර ට්‍රම්ප් කොවිඩ් -19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කිරීමෙන් පසු තුන්වන විවාදය අවලංගු කරන ලදී.

කෙසේ නමුත් එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතු බවයි බොහෝ විචාරකයන් අපේක්ෂා කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංචාරක ආයෝජන ව්‍යාපෘති ප්‍රමාදය වළක්වන්න අළුත් වැඩක්!

කොළඹ LNW:සංචාරක ව්‍යාපෘති සඳහා ඉඩම් ලබා ගැනීමේද සිදුවන දීර්ඝ...

ජපාන නායිකාව සීමාව ඉක්මවා ගිහින් – චීන විදේශ ඇමති

කොළඹ LNW: ජපාන අගමැතිනියගේ වැරදි ප්‍රකාශවලින් චීන ජනතාවගේ මූලික...

අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මටට්ම පිටාර මට්ටමට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ LNW : දිනපතා මධ්‍යම...

ආණ්ඩුවට රතු එළියක් !

උපාලි කොළඹගේ කොළඹ LNW: 221 වැනිදා නුගේගොඩ දී වුණේ මොකක්ද...