විසඳුම් නැති වැඩවර්ජන 15 වන දිනය පසු කරයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 16, කොළඹ (LNW): විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ දීමනා ලබාදීමට වාර්ෂිකව රුපියල් බිලියන 1.3 ක් පමණ වැය වන බව මේ වනවිට ගණන් බලා ඇති බවත්,  මහා භාණ්ඩාගාරයට ලැබී ඇති බදු මුදල් ප්‍රමාණය සලකාබලා අනධ්‍යන සේවකයින්ගේ දීමනා ලබාදීම සම්බන්ධයෙන් මේ සතියේ තීරණයක් ගන්නා බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහාතා පවසයි.

අදත් (16) විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය ක්‍රියාත්මක වන අතර, ඒ, සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සුබවාදී ප්‍රතිචාරයක් රජය පාර්ශ්වයෙන් ලබා නොදීම හේතුවෙනි. ඒ අනුව විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වැඩවර්ජනය අද ක්‍රියාත්මක වන්නේ 15 වැනි දිනටයි.

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සමසභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා පැවසුවේ, ඊයේ දිනයේ සිට වැඩවර්ජනය දැඩි කිරීමට කටයුතු කළ බවයි. අනධ්‍යන සේවකයින්ගේ වැටුප 15% කින් කප්පාදු කිරීමත්, අනධ්‍යන සේවකයින්ගේ මාසික හිලවු දීමනාව වැඩි නොකිරීමටත් විරෝධය පළ කරමින් ඔවුන් මෙම වැඩවර්ජනය ආරම්භ කළහ. මේ අතර විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනයට සහය පළ කිරීමට රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඊයේ තීරණය කළේ ය.

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ ගැටලුව හැකි ඉක්මනින් විසඳා දෙන්නයි අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...