ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක්. අර්බුදයට විසඳුම් බැසිල් පැහැදිලි කරලා (VIDEO)

ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමෙහි විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) රාත්‍රියේ පැවැත්වී තිබේ.

රටේ පවතින ආර්ථික අර්බුදය විසඳීමේ වැඩපිළිවෙල පිළිබඳව නිශ්චිත කරුණු දැක්වීමක් එහිදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සිදුකළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා සඳහන් කළේ.

එම වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඉතාම නිරවුල්ව අදියරෙන් අදියර පැහැදිලි කිරීමක් මුදල් අමාත්‍යවරයා විසින් සිදුකළ බව පැවසූ ඒ මහතා දැනට පවතින අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය, පෝලිම් ප්‍රශ්නය සහ විදුලි කප්පාදුව පිළිබඳ ප්‍රශ්නයට ඉදිරියේදී නියත වශයෙන්ම විසඳුමක් ලැබෙන බවත් සඳහන් කළේය.

එසේම ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා ආණ්ඩු පක්ෂය වශයෙන් සියලු දෙනාම එකට එක්ව කටයුතු කිරීමේ එකඟතාවකට එහිදී පැමිණි බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඔවුන් මෙම අදහස් පළ කළේ එම විශේෂ රැස්වීමෙන් අනතුරුව පිටව යන මොහොතේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...