ශ්‍රී ලංකාව හා මියන්මාරය ශක්තිමත් සබඳතාවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 16, කොළඹ (LNW): ශ්‍රී ලංකාව හා මියන්මාරය අතර වෙළඳ, ආර්ථික මෙන්ම බෞද්ධ සබඳතා වර්ධනය කර ගැනීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.ඒ මියන්මාර වැඩබලන තානාපති ලෙයි යි වින් අද හමුවු අවස්ථාවේදීය.

සංචාරක ව්‍යාපාරය වැනි ක්ෂේත්‍ර රැසක ආර්ථික හා වෙළද සබදතා ශක්තිමත් කළ හැකි බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන් අතර, මැණික් හා ස්වර්ණාභරණ, තේ සහ පොල් වෙළෙඳාම, ඛනිජ ද්‍රව්‍ය, බෞද්ධ සංචාරක ව්‍යාපාරය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් සංචාරක ව්‍යාපාරය වැනි ක්ෂේත්‍ර රැසක ආර්ථික හා වෙළෙඳ සබඳතා ශක්තිමත් කළ හැකි බව එහිදී අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා මෙරට තේ වෙනුවට මියන්මාරයේ පොල් හුවමාරු කළ හැකි බව ද සඳහන් කළ අතර, ආනයනය අපනයන සහ ආර්ථික සහයෝගීතාවේ අවශ්‍යතාව ගවේෂණය කිරීම සදහා මියන්මාරයේ යැංගුන් හි පැවැත්වෙන වෙළද ප්‍රදර්ශනයට ද ශ්‍රී ලංකාවට ආරාධනය කරන බව, මියන්මාරයේ වැඩබලන තානාපති ලෙයි යි වින් පවසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...