දැන් ඕගොල්ලොම බලන්න, අපේ මන්ත්‍රී වරප්‍රසාද කොච්චර කප්පාදු කරලාද ? – ඇමති ඉන්දික (VIDEO)

Date:

පවතින ආර්ථික අර්බුදය හමුවේ මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් වශයෙන් තමන්ට ලැබෙන වරප්‍රසාද පවා විශාල වශයෙන් කප්පාදු කරගෙන ඇති බව ග්‍රාමීය නිවාස, ඉදිකිරීම් සහ ගොඩනැගිලි රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

“මේ තෙල් සහ ගෑස් වෙනුවෙන් පෝලිම්වල ඉන්න ජනතාවට පෝලිම්වල නොඉඳ සාමාන්‍ය විදියට මේවා ලබගැනීම සඳහා අපි පහුගිය දවස්වල ගත්තු ක්‍රියාමාර්ගවල තියෙන අඩුපාඩු වෙනස් කරගෙන නිවැරදි කරනවා. ජල විදුලි බලාගාරවල තියෙන ජලය ප්‍රමාණවත් නොවෙන නිසා අපි හැම වසරකම මෙවැනි කාලයක මෙවැනි කප්පාදු කරලා තියෙනවා. මේක පොඩ්ඩක් වැඩිපුර සිද්ධ වෙනවා මේ ඉන්ධන සොයාගැනීමේ තියෙන ගැටලුව උඩ. අපි වුණත් දැන් ඕගොල්ලො හිතලා බලන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කොච්චර තමන්ට ලබාදෙන වරප්‍රසාද කප්පාදු කරලා තියෙනවාද ? එතකොට ඇමතිවරුන්ට ලබාදෙන දේවල්, අද වෙද්දී කාර්යාල නවීකරණය, වාහන නඩත්තු මේ ගොඩක් දේවල් අපි බොහොම සීමා කරගෙන තියෙනවා. ඒ නිසා වැඩි දවසක් යන්න කලින් මේ පෝලිම්වලින් ජනතාව ඉවත් කරන්න අපි වගකීමෙන් කටයුතු කරනවා”

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මේ බව පැවසුවේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...