ලිට්‍රෝ ගෑස් සිය නවීනතම ගබඩා පහසුකම් සහ සිල්ලර පිරවුම් පහසුකම නවීකරණය සමඟින් නව සන්ධිස්ථානයකට!

Date:

ශ්‍රී ලංකාවේ ජාතික LP ගෑස් සැපයුම්කරු වන ලීට්‍රෝ ග්‍රෑස් සපුගස්කන්දේ මාබිම නවීනතම ගබඩා සහ ගෑස් පිරවීමේ පහසුකම් නවීකරණය කොට විවෘත කිරීම ජනාධිපති කාර්යමණ්ඩ ප්‍රධානී සහ ජනාධිපති ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා විසින් සිදුකරනු ලැබීය. කලාපයේ විශාලම ගෑස් පර්යන්ත වලින් එකක් ලෙස පිළිගැනෙන මාබිම පිහිටි මෙම පරිශ්‍රය අඛණ්ඩ බලශක්ති සැපයුම සහ සිය සේවා සහ මෙහෙයුම් කටයුතුවල දියුණුව සහ සඳහා ලිට්‍රෝ ග්‍රෑස් හි කැපවීම මනාව පෙන්නුම් කරයි.

1984 දී Colombo gas & water සමාගම පවතින කාලයේදී ආරම්භ කරන ලද මාබිම පිරවුම් පරිශ්‍රය ඉන් වසර හතලිහකට පසු ජාත්‍යන්තර මෙහෙයුම් සහ ආර්ථික ආරක්ෂිත ප්‍රමිතීන්ට අනුකූලව කාර්යක්ෂමතාව ඉහල නැංවීම සඳහා සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර ඇත.


මාබිම පරිශ්‍ර පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සහ නවීකරණය කිරීම සඳහා රුපියල් බිලියනකට අධික මුදලක් වැය වූ අතර ඉදිරි වසර දහයක පහළොවක කාලයකට ජාතික ගෑස් අවශ්‍යතාවය අඛණ්ඩව සහ කාර්යක්ෂමව සැපයීම සහතික කරනු ඇත.

2014 දී ආරම්භ කරන ලද කෙළවරපිටිය පිරවුම් පරිශ්‍රය මත රඳා පැවැත්ම අඩු තරමින් කෙරවලපිටිය පරිශ්‍රයේ තරමට ඉතා වැදගත් කාර්ය භාරයක් එමගින් ඉටු කරනු ඇත.

ලිට්‍රෝගෑස් සමාගමේ සභාපති ප්‍රධාන විධායක නිලධාරී මුදිත පීරිස් මහතා අදහස් දක්වමින්,


” පාරිභෝගිකයන් වෙත ඉතා සුරක්ෂිත LP ගෑස් සිලින්ඩරයක් ලබාදීම මෙන්ම අඛණ්ඩ LP ගෑස් සැපයුමක් බාධාවකින් තොරව ලබාදීමට සහතික කිරීම ඉතා වැදගත් වුණා. 2015 සිට 2019 අතර කාලයේ අපගේ මග පෙන්වීම යටතේ පවුල් මිලියන දෙකකට අධික ප්‍රමාණයක් දර වලින්LP.ගෑස් වලට මාරුවීම සිදුවුණා. එමගින් රටේ ගෘහස්ථ LP ගෑස් භාවිතය සැලකිය යුතු ලෙස වැඩිවුණා. අපගේ වෙළෙඳපොළ කොටස සියයට 73 සිට 85 දක්වා වැඩීමත් සමඟ ජනතාවට අඛණ්ඩ LP ගෑස් සැපයීම සහතික කිරීම වැදගත් වේ. මෙම නවීකරණ කටයුත්ත මගින් ලිට්‍රොගැස් හට රට පුරාම විහිදී සිටින සිය පාරිභෝගිකයන්ට අඛණ්ඩව සහ කිසිදු බාධාවකින් තොරව ගැස් බෙදා හැරීමේ ක්‍රියාවලිය කළමනාකරණය කිරීමට ඉඩ සලසයි. අලුත් වැඩියා කිරීමේ සහ වැඩි දියුණු කිරීමේ වියදම් කිසිදු බාහිර පාර්ශවයක මූල්‍ය ආධාරයක් හෝ ණය මුදලකින් තොරව ආයතනයේ සංචිත මුදල් වලින් පමණක් සිදුකර තිබීම ඉතාම වැදගත් කරුණකි.

තවද මෙම ව්‍යාපෘතිය ඉතා සාර්ථක කර ගැනීමට හැකි වූයේ අපගේ සම්පූර්ණ කණ්ඩායමේම කැපවීම හා දායකත්වයෙන් වන අතර, මේ සඳහා ලීටරෝහි අපගේම ඉංජිනේරුවන්ගේ දායකත්වය හා ජාත්‍යන්තර ප්‍රවීණයන් කිහිප දෙනෙකුගේ දායකත්වය අමතක කළ නොහැකියි.

2016 දී සැලසුම් කරන ලද මෙම ව්‍යාපෘතියට 2018 දී මූල්‍ය පහසුකම් ලැබුණු අතර 2022 දී ආරම්භ කිරීමට නියමිතව තිබිණ. කෙසේ වෙතත් පැවති දේශපාලන පසුබිම හේතුවෙන් 2020 මුල් වන විට අවශ්‍ය සියලු යන්ත්‍ර සූත්‍ර මිලදීගෙන තිබුණද ව්‍යාපෘතිය දියත් කිරීමට ප්‍රමාද විය . වසර දෙක හමාරක් තිස්සේ භාවිතයකින් තොරව තිබූ යන්ත්‍ර සූත්‍ර යලි පණ ගන්නවා ඇරඹීම සඳහා වූ ක්‍රියාවලිය සඳහා නවතාක්ෂණය සහ ප්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීමට විශාල මූල්‍ය සහ දැනුම් සම්භාරයක් වෙන් කළ බැවින් ඒ ඉතා දැවැන්ත කාර්යභාරයක් බවට පත්විය

ලිට්රෝ සමාගම 2022 ආර්ථික අර්බුදය කාල සමයේදී ගෑස් හිඟය අවම කිරීම සහ ජාතික ආර්ථිකය ස්ථාවරත්වය තහවුරු කිරීමට දින විස්සක් ඇතුළත ගෑස් සිලින්ඩර මි.2.2 ක් බෙදා හැරීම මඟින් ජාතික සුබසාධනය මැනවින් පෙන්වා ඇත , විවිධ අධ්‍යාපනික වැඩසටහන් සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වමින් ආරක්ෂාව සඳහා සිය කැපවීම පෙන්නුම් කර ඇති ලිට්‍රෝ ගෑස් මාබිම පරිශ්‍රය නවීකරණය කිරීම මගින් ඒ සඳහා ඔවුන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන බව මොනවට පැහැදිලි කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...