විපක්ෂ නායක සජිත් සහ මෙරට ජපන් තානාපතිවරයා අතර හමුවක් (VIDEO)

0
358

ජපාන තානාපති මිෂුකෝෂි හිදේකී (Mizukoshi Hideaki) මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (22) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි.

දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබදතා තවදුරටත් වැඩි දියුණු කිරීම පිළිබදව මෙහිදී විශේෂ අවධානයක් යොමුවූ අතර දෙරට අතර අන්‍යොන්‍ය සහයෝගිතාවය පිලිබදව ද මෙහිදී සාකච්ඡාවට ගැනුණි.

දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවත්නා අතිශය සමීප අන්‍යෝන්‍ය සුහදතාවය පිළිබඳව විපක්ෂ නායකවරයා මෙහිදී අදහස් දැක් වූ අතර ශ්‍රී ලංකාවේ ස්වරීත්වය සුරක්ෂිත කෙරෙන මිත්‍රශීලී ද්වීපාර්ශවීය සබදතාවයෙහි වැදගත්කම ද අවධාරණය කරනු ලැබීය.

ශ්‍රී ලංකාවේ දියුණුව සහ අභිවෘද්ධිය වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජපන් තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here