යුපුන් හෙට රෝමයේත්,කාලිංග අනිද්දා ජපානයේත් තරග වදියි

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 17, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ කෙටි ධාවන ඉසව්වල දැනට සිටින ප්‍රබලතම ක්‍රීඩකයින් වන යුපුන් අබේකෝන් හෙට රෝමයේදී ත්,කාලිංග කුමාර අනිද්දා ජපානයේදීත් තරග බිමට පිවිසෙනවා.යුපුන් තරග වඳින්නේ 18 වන දා ුරෝම කෙටි ධාවන සැණකෙළියේදී වන අතර එයට ටෝකියෝ ඔලිමිපික් උළෙලේ මීටර් 100 රන් පදක්කම්ලාභි ලාමොන්ට් මාර්ෂෙල් ජාකොබ්ස් ද තරග වැදීමට නියමිත බව වාර්තා වෙනවා.තරගය වේගවත් ධාවකයන්ගෙන් පිරී යන තරමට එහි වාසිය යුපුන්ට ද අත්වන අතර එය ඔලිමිපික් පරිසාධන මට්ටමට පිවිසීමට රුකුලක් ලබා දෙනවා නියතයි.


මේ අතර ජපානයේ යොකොහමා හී පැවත්වෙන සීකෝ ගෝල්ඩන් ග්‍රොන්ප්‍රී තරගාවලියට කාලිංග කුමාර සහභාගි වෙනවා.ඒ 19 වන දිනයි.මීටර් 400 ඉසව්ව සඳහා තරග වඳින කාලිංග මීට පෙර පැවති තරගයද ජයගෙන සිටින නිසා හොඳ විශ්වාසයෙන් පසුවෙනවා.පෙර තරගයට වඩා වැඩි තරගකාරීත්වයක් මේ තරගයේදී දැකිය හැකි වනු ඇතැයි විචාරකයන් තබන විශ්වාසය කාලිංගට වැදගත් වන්නේ සිය පෞද්ගලික කාලය ඔලිම්පික් පරිසාධනය දක්වා ගෙන යන්නය වර්ධනය වෙන වේගය වැදගත් වෙන නිසයි.
යුපුන් එරට වේලාවේන් පස්වරු 6.55 ට තරග වැදීමට නියමිතව තිබෙනවා.එය ශ්‍රී ලංකා වේලාවෙන් 10.20 ට පමණ ආරම්භ වෙනු ඇත.කාලිංගේ තරගය එරට වේලාවෙන් පස්වරු 4.00 ට යි.ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 12.30 ට පමණ ආරම්භ වෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වොලිබෝල්වල හෙට දවසට වටිනාම dialog එක මහඋස්වැවටයි දෙබැඟමටයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 04,  කොළඹ LNW: ශ්‍රී ලංකා වොලිබොල් සම්මේලනයේ මඟ...

කාන්තාවන්ට දොර ඇරෙන දුම්රියේ තනතුරු!

කොළඹ LNW:ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ තනතුරු කිහිපයක් සඳහා කාන්තා...

මහරගම – පිලියන්දල ජනතාවට සතුටුදායක පුවතක්!

මහරගම පිළියන්දල මාර්ගයේ කිලෝමීටර් 2+000 සිට කිලෝමීටර් 3+700 දක්වා...