කුසල්ගේ වීසා ප්‍රතික්ෂේප වී නැහැ – ඈෂ්ලි ද සිල්වා

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 17, කොළඹ (LNW): ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් තරගාවලියට සහභාගි වීම සඳහා ඇමෙරිකාවට ගොස් ඇතත්,කුසල් මෙණ්ඩිස්ට වීසා නිකුත් කර නැත.
එයට හේතුව ඔහුගේ වීසා ප්‍රතික්ෂේප කිරීම නොව තවත් ලියකියවිලි කිහිපයක අවශ්‍යතාවයක් බවත්,එම කරුණු ගැන වීසා කාර්යාලයේ නිලධාරීන් අතර නිරන්තර සබඳතාවක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා පැවසීය.


ඔහු පවසන්නේ ඉදිරි දින කිහිපය තුළ මෙණ්ඩිස්ට වීසා ලැබෙනු ඇති බවය.ලෝක කුසලානයට සහභාගි වන කණ්ඩායම්වල වීසා වැනි කරුණු වෙනුවෙන් අයිසීසී මැදිහත්වීම් සිඳුවන්නේ මැයි මස 25 ට පසුව බව පෙන්වා දෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායකවරයා,ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අවශ්‍යය පරිසරයට හුරුවීම පිණිස ඊට කළින් පිටත් කළ බවද පෙන්වා දුන්නේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Update : අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමෙන් ව්‍යාපාරිකයකුට තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ (04) උදෑසන...

මහපොළ ශිෂ්‍යාධාරය තවත් වැඩි වෙන ලකුණු!

කොළඹ LNW:වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත...

අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04)...

2025 CNCI ජයග්‍රාහක සම්මාන උළෙලේදී HAC රන් සහ ඉහළම ජයග්‍රාහක සම්මාන දිනා ගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : ලංකා ජාතික කර්මාන්ත...