වසර 11කට පසු රතුපස්වල නඩු තීන්දුව අද!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 17, කොළඹ (LNW): අද (17) දින වසර 11කට පසු රතුපස්වල නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙන බව සඳහන් වේ.

පසුගිය 30 වනදා මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණ ද එය අද දිනය තෙක් කල් තැබු‍ණේ පැමිණිල්ල වෙනුවෙන් ලිඛිත දේශන ගොනු කිරීම ප්‍රමාද වීම හේතුවෙනි..

පානීය ජල ගැටලුවක් මුල් කර ගනිමින් රතු පස්වල පැවති විරෝධතාවක දී සිදුවූ වෙඩි තැබීමෙන් හතර දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබූ අතර, ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පිටවන අපද්‍රව්‍ය හේතුවෙන් සිය පානීය ජලය අපවිත්‍ර වී ඇති බව පවසමින් අදාළ විරෝධතාව පැවැත්වුණේ 2013 අගෝස්තු 01 දායි.

එහිදි සිදුකළ වෙඩි තැබීමට අදාළව යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව ගොනු කළ මෙම  නඩුව ගම්පහ මහාධිකරණයේ දීයි විභාගයට ගැනුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වොලිබෝල්වල හෙට දවසට වටිනාම dialog එක මහඋස්වැවටයි දෙබැඟමටයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 04,  කොළඹ LNW: ශ්‍රී ලංකා වොලිබොල් සම්මේලනයේ මඟ...

කාන්තාවන්ට දොර ඇරෙන දුම්රියේ තනතුරු!

කොළඹ LNW:ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ තනතුරු කිහිපයක් සඳහා කාන්තා...

මහරගම – පිලියන්දල ජනතාවට සතුටුදායක පුවතක්!

මහරගම පිළියන්දල මාර්ගයේ කිලෝමීටර් 2+000 සිට කිලෝමීටර් 3+700 දක්වා...