පෝටර්වරයකුට පහරදීම – ඇමති ප්‍රසන්නගෙන් පොලීසිය ප්‍රකාශයක් සටහන් කරගනී

Date:

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මගී මගන් මළු ප්‍රවාහනය කරන පෝටර්වරයකුට පහරදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර අද (17) ගුවන් තොටුපල පොලීසිය වෙත කැඳවා තිබිණි.

එහිදී පොලීසිය රාජ්‍ය අමාත්‍යවරයාගෙන් පැයක පමණ කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව සඳහන්.

පසුගිය 14 වනදා අලුයම රාජ්‍ය අමාත්‍යවරයා සිය බිරිඳව ඇරලවීම සඳහා ඇමති ආරක්ෂකයින් ද සමග ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේදී මෙම සිද්ධිය සිදුව තිබුණු අතර එහිදී ඔහු පෝටර්වරයාට පහරදෙන ආකාරය ආරක්ෂක කැමරාවල ද සටහන්ව තිබේ.

මෙම පහරදීමට හේතුවී ඇත්තේ සේවා සපයන පෝටර්වරයකුට රුපියල් 1000ක් ගෙවිය යුතු බව ගුවන් තොටුපලේ පුවරුවල සටහන් කරතිබියදීත් රාජ්‍ය අමාත්‍යවරයා පෝටර්වරයාට රුපියල් 700ක් පමණක් ලබාදීමත් අදාළ පෝටර්වරයා ඊට විරෝධය ප්‍රකාශය කිරීමත් බව වාර්තා විය.

පහරකෑමට ලක්වූ පෝටර්වරයා මෙතෙක් යළි සේවයට වාර්තා කර නොමැති බවත් සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...

යුද්ධ හයක් අවසන් කළ බව කියන ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය වෙත යන ගමනක

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...