යුද හමුදාවට සූරතා හිමි වූ ආධුනික මුෂ්ටි සටනේ දක්ෂතම ක්‍රීඩකයා ඇන්ජලෝට – ක්‍රීඩිකාව නිරුශිකාට පළමු වරට මුදල් තෑගි

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 17, කොළඹ (LNW):

දින පහක් පුරා පැවති 2024 ආධුනික බොක්සිං තරගාවලිය අවස්න වූයේ පිරිමි සහ කාන්තා යන දෙ’අංශයේම සූරතා යුද හමුදා සන්තකයට හිමිවෙමින්.දිනුද රිසෝර්ට් මැදිහත් වීමෙන් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට මුදල් ත්‍යාල පිරිනැමීම මේ තරගාවලියේ විශේෂ සිදුවීමක් ලෙස ඉතිහාසයට එකතු වන්නේ ජාතික මට්ටමේ තරගාවලියකදී එවැනි මුල්‍යමය ත්‍යාග පිරිනැමීමක් සිඳු වූ පළමු අවස්ථාව ලෙස බව ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනය පෙන්වා දෙයි.රුපියල් 25000 ක මුදල් ත්‍යාගයක් හිමි වූ අතර එය පළමු වරට දිනා ගැනීමේ ගෞරවය දිනා ගත්තේ එස්පීපී ඇන්ජලෝ සහ නිරුෂිකා ජයතිස්සය.


මැක්ලරන්ස් ආයතනයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය යටතේ පැවති මෙම තරගාවලියේ අවසාන අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස එම සමාගමේ සමූහ අධ්‍යක්ෂ රොහාන් ද සිල්වා එක් වූ අතර මෙවර තරගාවලිය තවත් ආකාරයකින් වැදගත් වූයේ ක්‍රීඩා සමාජ 27 න්, තරගාවලිය නියෝජනය කරන්නට 186 ක් එක් වී සිටීම නිසාය.එසේම ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩාවේ නව නැම්මක් සැකසූ පුද්ගලයා ලෙස ඉතිහාසයට එකතු වන ඩයන් ගෝමස් ද මෙම අවසාන අවස්ථාවට මැක්ලරන්ස් සමූහ අධ්‍යක්ෂවරයා සමඟ එක් වූහ.


තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූ ඇන්ජලෝ, ශන්තා සිල්වෙස්තර විද්‍යාලය නියෝජනය කළ අතර ඔහු අවසාන තරගයේදී කිග්‍රෑම් 57 බර පංතියේ ජයග්‍රාහකයා වෙමින් යුද හමුදා ක්‍රීඩක බීඑමිඑම් චන්ද්‍රපාල පරාජය කළේ දරුණු ප්‍රහාරයක් තුළින් නොකවුට් තත්ත්වයට පත් කර තරග වැදීමට නුසුදුසු සෞඛයමය තත්ත්වයෙන් ඈත් කරමින්ය.කාන්තා කිග්‍රෑම් 57 බංර පංතියේදී යුද හමුදාවේ පීඑච්අයි විරාජිනි 5-0 ක් විනිසුරු තීරණයකින් පරාජය කළ අප්හිල් ක්‍රීඩා සමාජයේ නිලක්ෂි දක්ෂතම ක්‍රීඩිකාව වූවාය.ඇන්ජලෝ මෙන්ම නිලක්ෂිද ඉහළ තරග රටාවක් පෙන්නුම් කළ අනාගතයට පලදායි තවමත් 19 හැවිරිදි වියේ පසුවන්නෝය.


ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සඳුනි ඉමේෂා දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව වූවාය.ඇය පරාජය වූයේ හංවැල්ල රාජසිංහ විද්‍යාලයේ එම්ඩීකේ දේවින්දිටය.ඒ කිග්‍රෑම් 48-50 ඉසව්වේ දී ය.කිග්‍රෑම් 67 බර පංතියේ දී සිල්වෙස්තර විද්‍යාලයේ එම්එම් පාරිස් විසින් 3-2 විනිසුරු තීරණ මැද පරාජය කළ යුද හමුදාවේ ඒඒඩීඩී අධිකාරි දක්ෂතම පරාජිතයා විය.සඳුනි සහ දේවින්දි අතර තරගයේ විනිසුරු තීරණයද සටහන් වූයේ 3-2 ක් ලෙසය.තරගාවලිය කොළඹ මාස් ඇරිනා ගෘහස්ත බොක්සිං ක්‍රීඩාංගණයේ දී පැවත්විණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයේ දියුණුතම ජාතිය ලංකාවේ ඇති කිරීමේ අභියෝගය අපි භාරගත්තා අපිට එය කළ හැකියි : ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : මෙරට සමස්ත ආර්ථිකය සහ...

ඔසී තරුණියන්ට එරෙහිව පළාත් හයක සහ දිස්ත්‍රික් අටක නියෝජනයක් පෙළ ගැසෙයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 17, කොළඹ LNW: ඔස්ට්‍රේලියානු අවුරුදු 19 න් පහළ කාන්තා...

ශ්‍රී ලංකා වාහන වෙළඳපොළ මසකට සාපේක්ෂව 1.9% ක මධ්‍යස්ථ වැඩිවීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : 2025 අගෝස්තු මාසයේදී ,...

ගමට ක්‍රිකට් – රසට MeadowLea

සැප්තැම්බර් 30 වන දින ඇරඹෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට්...