මැතිවරණය ගැන තීන්දුව අරන් අවසන්.ලබන 14 පාර්ලිමේන්තුව විසුරුවනවා – උදයංග සහතික වෙයි!

Date:

කොළඹ LNW:ලබන මස 14 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත අතර ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පැමිණෙන බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.

ඊයේ (17) රාත්‍රියේ රූපාවහිනී නාලිකාවක දේශපාලන සාකච්ජාවකට එක්වෙමිනුයි වීරතුංග මහතා මේ බව කියාසිටියේ.

.මේ අතර ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් නොවන බව ද ඔහු එහිදී ප්‍රකාශ කළේය.

”ලබන මාසේ 14 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවනවා.15 වෙන්නත් පුළුවන්.14 රෑ වෙන්නත් පුළුවන්. පාර්ලිමේන්තු ජන්දයක් ඉතා ඉක්මණින් පවතිනවා. ඊට පස්සේ හදන ආණ්ඩුවත් සමඟ ජනාධිපතිවරයා වැඩකරන්නේ කොහොමද කියන දේත් එක්ක පොහොට්ටුවේ හෝ වෙනත් පක්ෂයක අපේක්ෂකයෙක් ජනධිපතිවරණයට එන්න ඉඩ තියෙනවා. කතානායකතුමා කියල තිබුනා කිසිම විදිහකින් ඒක වෙන්නේ නැහැ කියල. මම අද අභියෝග කරනවා. ඔහු (රනිල් වික්‍රමසිංහ)ජනාධිපතිවරණයට එන්නේ නෑ නෑමයි. මේ වෙද්දී ජනධිපති එක්ක එකඟතාවකට පැමිණ අවසන්. ජනධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පවත්වනවමයි.. ධම්මික පෙරේරාත් ප්‍රබල අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයට පාර්ලිමේන්තුවේ බහුතරයක් විරුද්ධයි. අනුර කුමාරත් විරුද්ධයි.” යනුවෙන් වීරතුංග මහතා ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භූ කම්පනයක් හේතුවෙන් ලොව විශාලතම පතල කඩා වැටේ; එක් අයෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චිලියේ ඇතිවූ රික්ටර්...

ජනාධිපති ට්‍රම්ප් රුසියාවට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කිරීමට සුදානම් බව කියයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ හිටපු ජනාධිපති...

රේගුවෙන් ඉතිහාසගත වාර්තාවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW : රේගු දෙපාර්තමේන්තුවෙන් ...