ජානිපෙ මන්ත්‍රීවරුන්ගෙන් වන්දි අයකර දෙන්නැයි ඉල්ලා සාලි ගොනුකළ පෙත්සම ප්‍රතික්ෂේපයි

Date:

තමාට එරෙහිව ද්වේශ සහගත පැමිණිල්ලක් සිදුකර, තමාට සිදුකළ හානිය සම්බන්ධයෙන් වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලා බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ගොනුකර තිබූ පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය අද තීරණය කළේය.

ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස, ගාමිණී වලේබොඩ යන මහත්වරුන් වගඋත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ගොනුකර තිබිණි.

අදාල මන්ත්‍රීවරුන් සිදුකළ පැමිණිලිවලට අදාලව, රටේ නීතිය හා මුස්ලිම් නීතිය සම්බන්ධයෙන් අන්තවාදී අදහස් ප්‍රකාශ කළ බවට චෝදනා කරමින් අසාද් සාලි මහතා පොලිස් අත්අඩංගුවට පත් වූ අතර මාස 08 කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි. පසුව ඔහු අදාල චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය පසුගිය දෙසැම්බර් 02 වැනිදා තීරණය කළේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තර්මිකා ඇති කළ විශ්වාසය නේපාල කාන්තා ෆුට්සාල් සිහිනය බිඳ දමයි

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): දකුණු ආසියාවේ නේපාල...

අනාගතය පිළිබඳ ධෛර්යකින් සහ විශ්වාසයකින් යුතුව නව ගමනක් අරඹමු – ජනපති තෛපොංගල් සුබ පැතුම් එක්කරමින් කියයි

කොළඹ LNW:සශ්‍රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය...

ශ්‍රී ලංකාවට හිමිවන්නට තිබුණ ඓතිහාසික ජයක් භූතාන දැල රකින්නාගෙන් වැළකෙයි

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): භූතානය සමඟ...

ලොව වාහන නිෂ්පාදනය හා අලෙවිය අනුව චීනය යළිත් පෙරමුණේ!

කොළඹ LNW:චීනයේ මෝටර් රථ කර්මාන්තයේ ආර්ථික දර්ශක 2025 වසරේදී...