ෂේන් වෝන්ට අවසන් ගෞරව දක්වන්න 42,000 ක් ලියාපදිංචි වෙයි

0
202

පසුගිය 04 වැනිදා තායිලන්තයේ නිවාඩුවක් ගත කරමින් සිටියදී ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මරණයට පත් වූ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන්ගේ අවසන් කටයුතු මාර්තු 30 වැනිදා පැවැත්වීමට නියමිතය. ඒ වෝන්ගේ ක්‍රිකට් ජීවිතයේ සුවිශේෂ මතක සටහන් රැසක් සහිත සුප්‍රකට මෙල්බර්න් ක්‍රීඩාංගනයේදීයි.

අවමංගල්‍යය සඳහා පැමිණෙන ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට නොමිලේ ප්‍රවේශපත් නිකුත් කිරීම ඊයේ අන්තර්ජාලය හරහා ආරම්භ කළ අතර මේ වනවිටත් 42,300 ක් පමණ ඒ සඳහා ලියාපදිංචි වී ඇති බවයි වික්ටෝරියා ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ඩැනියෙල් ඇන්ඩෲ මහතා පවසන්නේ.

වෝන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා ලක්ෂයකට අධික පිරිසක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කරනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here