ශ්‍රී ලංකා ක්‍රිකට් ලලනාවන්ට ආසියානු කුසලානයට පෙර කොදෙව්වන් හමුවේ.

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 19, කොළඹ (LNW): ලෝක කුසලානයට පෙර හමුව අයර්ලන්තය සමඟ

කාන්තා විස්සයි20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව ජූනි 15 සිට 28 දක්වා බටහිර ඉන්දීය කොදෙව් සමග එක්දින තරග තුනක් සහ විස්සයි20 තරග තුනක් සඳහා සත්කාරකත්වය දැරීමට නියමිතයි. එසේම අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අයර්ලන්තයේ සංචාරයක යෙදීමට ද නියමිතව තිබෙනවා.


ජුලි 20 සිට ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ආසියානු කුසලානය සඳහා මේ තරගාවලිය වැදගත් වනු ඇත. තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවත්වෙන බැවින් එම වැදගත්කම අති විශාලය.මෙම දෙපිල අවසන් වරට තරගමාලාවකට මුහුණ දුන්නේ 2017 වසරේදී වන අතර එහිදී බටහිර ඉන්දීය කොදෙව්වන් T20I සහ ODI යන අංශ දෙකෙන්ම ශ්‍රී ලංකාව පරාජය කිරීමට සමත් විය. බටහිර ඉන්දීය කොදෙව්වන් T20I තරඟවලදී 18-4ක් ලෙස ජයග්‍රහණ අතරින් ඉදිරියෙන් සිටින්නේය. එක්දින තරඟවලදී බටහිර ඉන්දීය කොදෙව්වන් 18 ක් සහ ශ්‍රී ලංකාව 14 ක් ජය ගෙන ඇති අතර ජයග්‍රහණවල වැඩි පරතරයක් නැත.


බටහිර ඉන්දීය කොදෙව්වන් ක්‍රීඩිකාවන්, මාසයක පකිස්තාන සංචාරයක් අවසන් කළේ එක්දින සහ T20I තරඟාවලි දෙකම ජයග්‍රහණය කරමින්ය.ශ්‍රී ලංකාව මේ තරගාවලියට මුහුණ දෙන්නේ සාර්ථක දකුණු අප්‍රිකානු සංචාරයෙන් පසුවය.එසේම ශ්‍රී ලංකාව පසුගිය වසර පුරාවට එංගලන්තය, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාවට එරෙහිව ලැබූ ජයග්‍රහණ ද පහසුවෙන් අමතක කිරීමට නොහැකිය.ඒ නිසා මේ තරගාවලිය තියුණු මුහුණුවරක් ගැනීමට බොහෝ දුරට ඉට ඇත.
එක්දින තරගාවලිය ජුනි 15 සිට 21 දක්වා ගාල්ලේදී පැවැත්වෙන අතර එය ICC කාන්තා ශූරතාවලියේ කොටසකි.මෙම තරගාවලිය නිමාවීමෙන් පසුව ඔක්තෝම්බර් මස බංගලාදේශයේ දී පැවත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාවට ලැබෙන අයර්ලන්ත සංචාරය ද ආසියානු තරගාවලියට කොදෙව් තරගාවලිය වැදගත් වන අයුරෙන්ම ලෝක කුසලාන තරගාවලියට වැදගත් වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැකෝ සමන් සහ තැඹිලි ළහිරු ගැන අධිකරණය ගත්ත තීන්දුව!

කොළඹ LNW:ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් සිටින සංවිධානාත්මක අපරාධ...

එජාපයෙන් සමඟියට ගිය අයට පැනවූ තහනම ඉවතට!

කොළඹ LNW:සමගි ජන බලවේගයට එක්වීම නිසා පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු...

කහ සහ ඉගුරු වගාවටත් හොද කාලයක්!

කොළඹ LNW:වාණිජමය වශයෙන් හා අපනයනය කිරීමේ අරමුණින් වගා කරනු...

අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි සම්පත් මනම්පේරි අධිකරණයට භාරවෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : පසුගිය දා මිද්දෙණිය ප්‍රදේශයේදී...