ඉන්දියාවේ බෝපාල් හි ප්‍රථම වරට වෙසක් උත්සවයක් සංවිධානය කරයි – සංවිධානය සාංචි මහා විහාරය!

Date:

කොළඹ LNW:ඉන්දියාවේ බෝපාල් ප්‍රදේශයේ බෞද්ධ ජනතාව සාංචි මහා විහාරය සමඟ එකතුව ප්‍රථම වරට මෙවර වෙසක් උත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් සාංචි හි සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා තැන්පත් කර ඉදිකළ “සාංචි මහාබෝධි චේතියගිරි විහාරය” කේන්ද්‍ර කරගනිමින් මෙවර වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් (මැයි 23 හා 24) අති උත්කර්ෂවත් වෙසක් උත්සව මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි, සාංචි චේතියගිරි විහාරාධිකාරී බානගල විමලතිස්ස හිමියෝ පවසති.

සාංචි චේතියගිරි විහාරාධිපති, ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ අනුශාසනා පරිදි,වෙසක් පොහෝ දින අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේලා වෙනුවෙන් කිරිපිඬු සහිත ගිලන්පස බුද්ධ පූජාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඊට අමතරව සාංචි, විදීසා, බෝපාල් ප්‍රදේශයේ බෞද්ධයන්ගේ හා බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් සංචි වන්දනා නිකේතනයේ සිට චේතියගිරි විහාරය දක්වා අලංකාර වෙසක් පෙරහැරක් පැවැත්වීමට ද කටයුතු කෙරේ.

අනතුරුව සාංචි චෛත්‍යය හා චේතියගිරි විහාරයේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා වෙනුවෙන් එම කිරිපිඬු සහිත ගිලන්පස බුද්ධ පූජා පැවැත්වෙන බව විමලතිස්ස හිමියෝ පවසති.

ඊට අමතරව පැමිණෙන සැදැහැතුන් වෙනුවෙන් ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් දන්සල් රැසක් පැවැත්වෙන බව විහාරවාසී උඩුගම තපස්සී හිමියෝ පවසති.

එමෙන්ම මෙවර ප්‍රථම වරට බෝපාල් හි “කරුණා” බුද්ධ විහාරස්ථ දායක සභාවේ බෞද්ධයන්ගේ මෙහෙයවීමෙන් හා සහභාගිත්වයෙන් මධ්‍ය ප්‍රදේශ් හි විසිරී සිටින බෞද්ධයන්ගේ සහභාගිත්වයෙන් මැයි 25 වෙනි දින අති උත්කර්ෂවත් පෙරහරක් ද දන්සැල් සමූහයක් ද සාංචි නගරය සහ චේතියගිරි විහාරය කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට කටයුතු යොදා ඇත. එදින පස්වරුවේ සාංචි බෞද්ධ විශ්වවිද්‍යාල භූමියේ රෝපිත ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර බෝධීන් වහන්සේ පරිශ්‍රයේ බෝධිපූජා පින්කමක් සහ සවස ගිලන්පස බුද්ධ පූජා පැවැත්වීමටද කටයුතු යොදා ඇතැයි තපස්සී හිමියෝ පැවසූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...