අලුත් අවුරුදු කන්න බැසිල්ගෙන් සංශෝධිත අයවැයක් !

Date:

එළඹෙන සිංහල-දෙමළ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ජනතාවට සහන ලබාදීමට ආණ්ඩුව සූදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඊට අදාල ක්‍රියාමාර්ග ඉදිරි දිනවලදී ගන්නා බවත්, ඒ අනුව දැනට ජනතාවට විඳින පීඩනය යම් ප්‍රමාණයකින් අවම කිරීමට හැකිවනු ඇති බවත් මුදල් අමාත්‍යවරයා සඳහන් කරයි.

මෙම වැඩපිළිවෙල වෙනුවෙන් සංශෝධිත අයවැයක් ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස තමා එකඟ වන බවත්, ආණ්ඩුව හා කැබිනට් මණ්ඩලය ඊට අනුමැතිය ලබා දෙන්නේ නම් අලුත් අවුරුදු සමයට පෙර සංශෝධිත අයවැයක් ඉදිරිපත් කිරීමට සූදානම් බවත් ඔහු පවසනවා.

අද පැවති සර්ව පාක්ෂික සමුළුවේදී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉල්ලා සිටියේ, මෙම වසරට අදාලව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය ලේඛනය සංශෝධනය කර හෝ ජනතාවට සහන ලබාදීමට කටයුතු කරන ලෙසයි. මුදල් අමාත්‍යවරයා ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කළේ එම යෝජනාවට එකඟ විය හැකි බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොරොන්දු වූ අභිචෝදක සහ එම කාර්යාලය කෝ ? කාදිනල් හිමි ප්‍රශ්න කරයි!

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වූ පරිදි...

යුදෙව් අරාබි ගැටුමේ පර්සියානු භූමිකාව හා මුහම්මඩ්ගේ පුත්‍රයා ….

අපි කතාව පටන් ගමු ඉතිහාසයෙන්. ක්‍රිස්තු පූර්ව 586 වර්ශය...

කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක ජූනි 13, කොළඹ LNW : අල්ලස් කොමිසම...