අමාත්‍යංශෙ වැඩ නොකළත් මම තාමත් ආණ්ඩුවෙ – ස්වාධීන වෙනව නං කලින්ම කියනවා !

Date:

තමා තවමත් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු බවත්, ආණ්ඩුවෙන් ඉවත්වීමට මේ දක්වා තීරණය කර නොමැති බවත් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව විපක්ෂයට යන්නේ නම් හෝ එසේ නැතහොත් ආණ්ඩුව තුළම ස්වාධීනව කටයුතු කරන්නේ නම් හෝ ඒ පිළිබඳව කල්තියා දැනුම් දෙන බවත් ඇමතිවරයා සඳහන් කරනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රීවරයෙකු නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමිනි.

විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා කැබිනට් තනතුරුවලින් පහ කිරීමෙන් පසුව වාසුදේව නානායක්කාර මහතාද සිය අමාත්‍යංශයේ කටයුතුවලින් ඉවත් වී සිය නිල වාහනය සහ නිල නිවාසයද ආපසු බාරදීමට කටයුතු කළේය. ජනාධිපතිවරයාගේ තීරණයට විරෝධය පළ කරමින් ඔහු ඇමති ධුරයෙන් ඉවත් වනු ඇතැයි බොහෝදෙනා අපේක්ෂා කළ නමුත් නානායක්කාර මහතා ප්‍රකාශ කළේ ඇමති ධුරයෙන් ඉල්ලා අස් නොවන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් රාජධානියේ තීරු බදු සහනය: ඩොලර් බිලියන පනහකට එහා ගිය වෙළඳපොළකට රිංගා ගැනීම!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි...

මන්ත්‍රී වරප්‍රසාදවලට මුවා වෙමින් ටෙන්ඩර් නොකළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගැන මුජිබර් කී කතාව බොරුවක් !

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පසුගිය...

ලංකාවේ උපන් තාරකා විද්‍යාඥයෙකු කැල්ටෙක් හී ඉතිහාසගත නායකත්වයට

ඕවින්දි විෂ්මිකා ජනවාරි 09, කොළඹ (LNW): කැල්ටෙක් හි සභාපති ලෙස...