ඩොලර් ලක්ෂ ගණනේ වාර්තාගත ලංසු දෙකක් සමඟ 2024 LPL වෙන්දේසිය නිමාවේ

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 22, කොළඹ (LNW): LPL ක්‍රීඩක වෙන්දේසියේ වැඩිම වටිනාකමක් හිමි කර ගන්නට මතීශ පතිරණට හැකි විය.ඇමෙරිකානු ඩොලර් 120 000 ක් වූ එම මිල ගෙවනු ලැබුවේ සාගර් ඛන්නා ට අයත් කළම්ඹු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම විසින්ය.ගාල්ල මාවර්ලස් කණ්ඩායම විසින් ඉසුරු උදාන ට ඩොලර් ලක්ෂයක් ගෙවන්නට ඉදරිපත් වූ අතර එය පෙර හිමිකාරීත්වයෙන් මිදී ප්‍රේම් ටකර් යටතේ ගාල්ල ටයිටන්ස් නම අත හැර ගාල්ල මාවර්ල්ස් ලෙස තරග බිමට පිවිසෙන්නේය.මතීශ සහ ඉසුරු දෙදෙනාම 2023 තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ දී විඩිම මුදල ලෙස සටහන් වූ ඩිල්ෂාන් මධුශංක ට ජැෆ්නා කිංග්ස් විසින් ගෙවන ලද ඩොලර් 92000 ඉක්මවා තිබෙනවා.මධුශංක මෙවර දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩතයෙක් ලෙස කටයුතු කරනවා.


හිමිකාරීත්වයන් වෙනස්වීම ගැන සඳහන් කරද්දී දඹුල්ල අවුරා කණ්ඩායම ද මෙවර තමීම් රොහාන් යටතට පත්ව තිබෙන අතර නම ද දඹුල්ල තන්ඩර්ස් ලෙස වෙනසකට බඳුන් වී ඇත. තෙවතාවක් LPL ශුරතාවය දිනු ලයිකා ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය සුභාෂ්කරන් අල්ලිරාජා ද,පසුගිය වසරේ LPL ශුරතාවය දිනු බී – ලව් කැන්ඩි කණ්ඩායමේ හිමිකාරිත්වය ඕමාර් ඛාන් ද දරන අතර මෙම වෙන්දේසියේ දී ඇතැම් දක්ෂ ක්‍රීඩකයින් අලෙවි නොවීම ගැන මේ වන විට විශාල කතා බහක් ඇති වි ඇත.
කුසල් ජනිත් පෙරේරා විස්සයි විස්ස ලෝක කුසලානයට කැඳෙව්වේ නැත්තේ ඇයි ද යන්න පිළිබඳව යම් ආකාරයක ප්‍රශ්න කිරීමක් සමාජ මාධ්‍ය ඔස්සේ නැඟෙමින් තිබියදී ඔහු මේ වෙන්දේසියේදී ද අලෙවි නොවුණු ක්‍රීඩකයෙක් ලෙස ප්‍රතික්ෂේප විය.මෑත කාලයේ පිතිකරුවෙක් ලෙස ජාත්‍යන්තර පිටියේ දැඩි අවදානයක් දිනා සිටින පැතුම් නිශ්ශංක වෙන්දේසියට ඉදිරිපත් කළ පළමු මොහොතේ අලෙවි නොවුණු අතර පසුව ඔහු ඩොලර් 40000 ට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසින් මිල දී ගනු ලැබීය.


දෙස් විදෙස් ක්‍රිඩකයින් ගණනාවක් මේ ආකාරයට අලෙවි නොවුණු ක්‍රීඩකයින් වීම ගැන ඉදරියේදී තව දුරටත් කතාබහට ලක් වෙනු ඇතැයි සිතිය හැකි අතර මේ තත්ත්වය ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් ද වෙන්දේසියේ දී තමන්ගේ කණ්ඩායමට සහය දක්වන්නට එක් වී සිටියදී සිඳු වීම ද ඉදිරියේදී අවධානයට ලක් වනු ඇත.සහෝදරයින් ලෙස මේ වෙන්දේසියට ඉදිරිපත් වූ ක්‍රීඩකයින් අතරින් වනිදු හසරංගගේ අයියා වන චතුරංග ද සිල්වා ද කැන්ඩි බී – ලව් කණ්ඩායම සමඟ එක් වී සිටින අතර වෙන්දේසියට ඉදරිපත් වූ තවත් සහෝදර යුගලයක් වූ විශ්ව ප්‍රනාන්දු සහ නුවනිදු ප්‍රනාන්දු අතරින් නුවනිදු ඇමෙරිකානු ඩොලර් 34000 ක් ගෙවමින් දඹුල්ල කණ්ඩායම විසින් මිලට ගත්ත ද,විශ්ව ප්‍රනාන්දු කිසිඳු කණ්ඩායමක් විසින් මිලට ගත්තේ නැත.


වෙන්දේසිය නිමාවේ කළම්ඹු ස්ට්‍රයිකර්ස් සහ කැන්ඩි බී ලව් කණ්ඩායම් සංචිත පිළිවෙලින් 20 සහ 22 ලෙස දැක් වුණු අතර සෙසු සංචිත 24 දෙනාගෙන් පිරී ගොස් තිබිණ.වෙන්දේසිය අවසානයේ එම ගෙවීම් සමඟ කණ්ඩායම් සැකසී තිබුණු ආකාරය පහතින් දක්වා ඇත.
කලම්බු ස්ට්‍රයිකර්ස්

  1. චාමික කරුණාරත්න
  2. තිසර පෙරේරා
  3. සධීර සමරවික්‍රම
  4. නිපුන් ධනංජය
  5. ෂදාබ් ඛාන්
  6. ග්ලෙන් පිලිප්ස්
  7. චාමික ගුණසේකර (10,000)
  8. දුනිත් වෙල්ලාලගේ (50,000)
  9. රාමනුල්ලා ගුර්බාස් (50,000)
  10. ටස්කින් අහමඩ් (50,000)
  11. ඇන්ජලෝ පෙරේරා (20,000)
  12. ෂෙවෝන් ඩැනියල් (15,000)
  13. බිනුර ප්‍රනාන්දු (55,000)
  14. ගරුක සංකෙත් (20,000)
  15. මතීෂ පතිරණ (120,000)
  16. ෂෙහාන් ප්‍රනාන්දු (5,000)
  17. කෙවින් බණ්ඩාර (5,000)
  18. ඉසිත විජේසුන්දර (5,000)
  19. මුහමද් වසීම් (20,000)
  20. අලා ගසාන්ෆාර් (10,000)

දඹුල්ල තන්ඩර්ස්

  1. ඩිල්ෂාන් මදුශංක
  2. නුවන් තුෂාර
  3. දුෂාන් හේමන්ත
  4. ප්‍රවීන් ජයවික්‍රම
  5. මුතසෆිසූර් රහ්මාන්
  6. ඊබ්‍රහිම් සද්‍රාන්
  7. ළහිරු උදාර (14,000)
  8. අකිල ධනංජය (20,000)
  9. ධනුෂ්ක ගුණතිලක (22,000)
  10. ඉෆ්තිකාර් අහමඩ් (50,000)
  11. නුවනිඳු ප්‍රනාන්දු (34,000)
  12. නුවන් ප්‍රදීප් (36,000)
  13. රනේෂ් සිල්වා (5,000)
  14. සොහාන් ඩි ලිවේරා (5,000)
  15. හස්රාටුල්ලා සසායි (50,000)
  16. කරීම් ජැනට් (80,000)
  17. අසේල ගුණරත්න (10,000)
  18. ළහිරු මදුශංක (20,000)
  19. රුසඳ ගමගේ (5,000)
  20. මිතුන් ජයවික්‍රම (5,000)
  21. අයන සිරිවර්ධන (5,000)
  22. සොනාල් දිනූෂ (6,000)
  23. හයිදර් අලී (25,000)
  24. සංතුෂ් ගුණතිලක (6,000)

ගෝල් මාවල්ස්

  1. භානුක රාජපක්ෂ
  2. ලසිත් කෘෘස්පුල්ලේ
  3. නිරෝෂන් දික්වැල්ල
  4. මහීීෂ් තීක්ෂණ,
  5. ටිම් සීෆර්ට්
  6. ඇලෙක්ස් හේල්ස්
  7. ජනිත් ලියනගේ (36,000)
  8. ඩ්වයින් ප්‍රිෙටා්රියස් (40,000)
  9. සහන් ආරච්චිගේ (20,000)
  10. ළහිරු කුමාර (30,000)
  11. ප්‍රභාත් ජයසූරිය (10,000)
  12. ෂෝන් විලියම්ස් (20,000)
  13. සහීර් ඛාන් (10,000)
  14. මල්ෂ තරුපති (25,000)
  15. සදීෂ රාජපක්ෂ (5,000)
  16. මොහොමඩ් ශිරාස් (10,000)
  17. ඉසුරු උදාන (100,000)
  18. ධනංජය ලක්ෂාන් (10,000)
  19. පසිඳු සූරියබණ්ඩාර (5,000)
  20. කවිඳු නදීෂාන් (5,000)
  21. මුජීබ් උර් රාහ්මාන් (50,000)
  22. චමිඳු විජේසිංහ (5,000)
  23. ජෙෆ්රි වැන්ඩර්සි (30,000)
  24. යූරි කොත්තිගොඩ බී – ලව් කැන්ඩි
  25. වනිඳු හසරංග
  26. ඇන්ජලෝ මැතිව්ස්
  27. දුෂ්මන්ත චමීර
  28. කමිඳු මෙන්ඩිස්
  29. ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර්
  30. මොහොමඩ් හැරිස්
  31. 7. කසුන් රජිත (26,000)
  32. අෂේන් බණ්ඩාර (28,000)
  33. දිනේෂ් චන්දිමාල් (40,000)
  34. දසුන් ශානක (85,000)
  35. රමේෂ් මෙන්ඩිස් (10,000)
  36. දිමුත් කරුණාරත්න (10,000)
  37. මොහොමඩ් හස්නේයින් (30,000)
  38. පවන් රත්නායක (5000)
  39. චමත් ගෝමස් (5000)
  40. චතුරංග ද සිල්වා (30,000)
  41. කවිඳු පතිරත්න (5,000)
  42. ලක්ෂාන් සඳකැන් (20,000)
  43. සම්මු අශාන් (5000)
  44. (අසාම් ඛාන් (50,000)
  45. අඝා සල්මාන් (10,000)
  46. මොහොමඩ් අලී (10,000)

ජැෆ්නා කිංග්ස්

  1. කුසල් මෙන්ඩිස්
  2. අවිශ්ක ප්‍රනාන්දු
  3. චරිත් අසලංක
    4.විජයකාන්ත් වියස්කාන්ත්
  4. අස්මාටුල්ලා ඔමර්සායි
  5. නූර් අහමඩ්
  6. රිලී රොසෝව් (60,000)
  7. ෆේබියන් ඇලන් (32,000)
  8. ධනංජය ද සිල්වා (50,000)
  9. ප්‍රමෝද් මදුෂාන් (20,000)
  10. ජේසන් බෙයර්නඩ්‍රෆ් (50,000)
  11. අසිත ප්‍රනාන්දු (40,000)
  12. විෂාද් රන්දික (5,000)
  13. ළහිරු සමරකෝන් (13,000)
  14. එෂාන් මාලිංග (5,000)
  15. අලෙක්ස් රොස් (20,000)
  16. අහන් වික්‍රමසිංහ (5,000)
  17. වනුජ සහන් (10,000)
  18. මුර්වින් අබිනාෂ් (5,000)
  19. අරුල් ප්‍රගාසම් (5,000)
  20. පැතුම් නිස්සංක (40,000)
  21. නිශාන් මදුශ්ක (10,000)
  22. තීෂන් විතූෂාන් (5,000)
  23. නිසල තාරක (5,000)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අයවැය:අවසන් වාර්තාව ජනාධිපතිගේ නිරීක්ෂණයට!

කොළඹ LNW:2026 වසර අයවැය යෝජනා අවසන් ලේඛනය ජනාධිපති අනුර...

දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය වෙනස් කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : අද (06) දිනයේ...

චීනයත් ඇමරිකාවේ භාණ්ඩ සඳහා තීරුබදු පැනවීම වසරකට අත්හිටුවයි!

කොළඹ LNW:පසුගියදා ඇමරිකාව ද චීනයට පැනවූ තීරුබදු වසරකට අත්හිටුවීමට...

NPP දෙවන අයවැය හෙට!

කොළඹ LNW: ජාතික ජන බලවේගය රජයේ 2026 වසර සඳහා...