හඳුන්,පැම්පස්වල අඩුවක් තියෙනවා නම් කියන්න. අපි ගේන්නම් – SJB නලින් ආර්ථික කමිටු විවාදයට දිනයක් ඉල්ලයි!

Date:

කොළඹ LNW:සමඟි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාද දෙකම පැවැත්වීමට සමඟි ජන බලවේගය සද්භාවයෙන් බලාපොරොත්තු වන අතර එළඹෙන 27 සිට 31 දක්වා කාලය තුළ දෙපාර්ශවයේ ආර්ථික කමිටු විවාදයට දිනයක් ලබා දෙන ලෙස සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ජාතික ජන බලවේගයෙන් මහතා ඉල්ලා සිටියි.

අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට ඔවුන් කටයුතු කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

”බොහොම පැහැදිලිව අපි සිංහල භාෂාවෙන් වෛද්‍ය නලින්ද ජයතිස්සට ජේවීපී එකට මේ ලියුම ඇරලා ආර්ථික කමිටු විවාදයට දින පහකුත් ඒවගේම නායකයින් අතර විවාදයට දින පහකුත් දුන්නා. දැන් මේගොල්ලෝ පළමු කඩුල්ල වෙන ආර්ථික කමිටු විවාදය ගැන කිසිම හාවක් හූවක් නැතුව නායකයෝ දෙන්නා අතර විවාදයට දිනය දීලා තියෙනවා. ඒ මොකවත් නිසා නෙවෙයි මේ දෙකෙන්ම මඟ හරින්න.ඒගොල්ලන්ට ඕනේ දෙකම මඟහරින්න. අපිට ඕනේ දෙකම තියන්න. ඒ නිසා මම කරුණාකරලා කියනවා 27 ඉඳන් 31 දක්වා වූ දින පහ ඇතුළත ආර්ථික කමිටු විවාදය සඳහා එන්න. ඒගොල්ලන්ට මොනවහරි පැම්පස් වල අඩුපාඩුවක් තියෙනවා නම් අපි පැම්පස් ටිකත් අරගෙන එන්නම්.හදුන්නේත්තිලට තව මොනවහරි අවශ්‍ය උපකරණ හා අවශ්‍ය පහසුකම් ඒ ටිකත් අරගෙන අපි එන්නම්. ඒ නිසා 27 සහ 31 අතර ආර්ථික විවාදයට දින දෙන්න.මොකද හිතන තරම් මේක පහසු නෑ. මේකට පහසුකම් සපයන්නෙක් හොයාගන්න ඕනේ. මැදිහත්කරුවෝ ඕනේ. මාධ්‍ය ආයතන සම්බන්ධීකරණය කරන්න ඕනේ. තැනක් හොයාගන්න ඕනේ. කල් ඇතුව දිනය ඉල්ලන්නේ ඒකට. ඊට පස්සේ ලබන මාසේ 06 නායකයෝ දෙන්න අතර විවාදය කරන්න පුළුවන්.”

කෙසේවෙතත් ජාතික ජනබලවේගයට දැන් අවශ්‍ය වී ඇත්තේ මෙම විවාද දෙකම මඟහැරීමට බව නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

ඒ අනුව වංගු නොගහ විවාද දෙකටම දින දෙන ලෙසයි ඔහු තවදුරටත් ඉල්ලා සිටින්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය විසින් සපයන ලද දිගු දුර මිසයිල රුසියාවට එරෙහිව භාවිතා නොකළ යුතු බවට පෙන්ටගනය නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ ඉලක්ක වෙත...

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්. වසර දෙකක ඉලක්කයක්!

කොළඹ LNW:සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්යය සාධක බලකායක්...

තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: අද (24) අමාත්‍යවරයා සමග...

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...