එක්සත් රාජධානියේ මැතිවරණ තරඟය ඇරඹේ

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 23,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් රාජධානියේ අගමැති රිෂි සුනක් ජූලි 4 වැනි දින හදිසි මහ මැතිවරණයක් කැඳවා ඇති බව වාර්තා වේ.

මැයි 22 දා ඩව්නිං වීදියේ සිට ප්‍රකාශයක් නිකුත් කරමින්, සුනක් කියා සිටියේ මහ මැතිවරණයක් සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තමා චාර්ල්ස් රජුට කතා කළ බවත්, ඒ අනුව රජු මෙම ඉල්ලීමට අවසර දී ඇති හෙයින් මහ මැතිවරණය ජූලි 4 වන දින පවත්වනු ඇති බව සුනක් නිවේදනය කර තිබේ. සුනක් මෙම මැතිවරණය කැඳවා තිබුණේ, අපේක්ෂිත දිනට මාස කිහිපයකට පෙරය.

මෙය වසර පහකට පසු රටේ පළමු මැතිවරණය වන අතර සැලකිය යුතු තරඟයක් ඇතිවිය හැකි අතර මේවන විට මාධ්‍ය වාර්තා කරන්නේ ටෝරිවරු සියලුම මත විමසුම්වලදී කම්කරු පක්ෂයට වඩා පසුපසින් සිටින බවයි.

කෙසේ නමුත් 2025 ජනවාරි 28 වැනි දිනට පසු පැවැත්විය හැකි මැතිවරණයක් කැඳවීමට ඔහුට දෙසැම්බර් මාසය දක්වා කාලය තිබියදී කැඳවීම කොන්සර්වේටිව් පක්ෂයට වාසි සැලසීමේ උපායමාර්ගික පියවරක් වනු ඇත. උද්ධමනය මේ වන විට 11.1% සිට 2.3% දක්වා පහත වැටීමත් සමඟ මෑතකාලීන වාසිදායක ආර්ථිකය උපාය මාර්ගික වශයෙන් වෙනසක් ඇති කිරීම සුනක්ට වාසිදයක් වනු ඇති බව කියවේ.

සුනක්ගේ ආන්ඩුව සම්බන්ධයෙන් මහජන මතය පල්ලම් බැස ඇත ඇති අතර කම්කරු පක්ෂය කොන්සර්වේටිව්වරුන්ට වඩා සියයට 20 ක් පමණ ඉදිරියෙන් සිටී. වසර දෙකකටත් අඩු කාලයකට පෙර අගමැති ධූරයට පත්වීමෙන් පසු සුනක් ඔහු ප්‍රතිසංස්කරණවාදියෙකු, තාක්ෂණවේදියෙකු සහ ස්ථාවර නායකයෙකු ලෙස ස්ථානගත කිරීමට ගත් උත්සාහයන අසාර්ථක වී ඇති අතර කම්කරු පක්ෂය කොන්සර්වේටිව් පක්ෂයට දොස් පවරා තිබුණේ, වසර 14 පුරාවට ආර්ථික අවභාවිතය හේතුවෙන් අස්ථාවරත්වය සහ මන්දගාමී වර්ධනයට හේතු වූ බවටයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය විසින් සපයන ලද දිගු දුර මිසයිල රුසියාවට එරෙහිව භාවිතා නොකළ යුතු බවට පෙන්ටගනය නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ ඉලක්ක වෙත...

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්. වසර දෙකක ඉලක්කයක්!

කොළඹ LNW:සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්යය සාධක බලකායක්...

තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: අද (24) අමාත්‍යවරයා සමග...

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...