මිහිරාන්ගෙන් ශ්‍රී ලංකාවට මිහිරි ජයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 26, කොළඹ (LNW): මේ දිනවල තායිලන්තයේ පැවත්වෙන 2024 පැරිස් ඔලිම්පික් තරගාවලියට බොක්සිං ක්‍රීඩා සුදුස්සසන් තේරීමේ තරගාවලියේ පළමු වටයේ තරගයකින් ජය ගෙන දෙවන වටයට පිවිසෙන්නට ශ්‍රී ලංකාවේ උදයංග මිහිරාන් සමත් විය.තරගයේ තීරණය 5-0 ක් විය.මිහිරාන් ගේ ප්‍රතිවාදියා වූයේ සිංගප්පූරුවේ ටෙඕ වෙයි ෂූආන් ය.


විනිසුරුවන් පස් දෙනාගෙන් සිව් දෙනෙකුම මිහිරාන්ට ලකුණු 30 – 26 ක් ලෙස ලකුණු ලබා දී තිබුණු අතර එක් විනිසුරුවෙක් ලකුණු 30 – 24 ක් ලෙස ලකුණු ලබා දී තිබිණි.ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමට පැමිණි ලොව පුරා දක්ෂ ක්‍රීඩකයින් අතරින් පියවරක් ඉදරියට ඒම පවා දුෂ්කර කාර්යයක් වන අතර ඒ අනුව බලන විට මිහිරාන්ගේ මේ ජයග්‍රහණය සුවිශේස එකකි.


පැවති බොක්සිං පරිපාලනය යටතේ තේරීම් සිඳු කරන මේ තරගාවලිය නව පරිපාලනය යටතේ සිඳුවන පළමු තරග සංචාරය වන අතර මේ වන විට ක්‍රීඩාව මෙන්ම අධ්‍යාපනයෙන් ද කුසලතා පෙන්වන මිහිරාන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්තියෙකි.මේ ජයග්‍රහණය පාදක කරගෙන ඔහුගේ අනාගතය වෙනුවෙන් වඩාත් පෝෂිත පොළවක මිහිරාන්ගේ අධ්‍යාපනය සහ ක්‍රීඩාව කරගෙන යා හැකි පරිසරයක් සකස් කළ හැකිනම් මේ ඔලිම්පික් තරගාවලියටත් වඩා 2028 තරගාවලියට මිහිරාන් වඩාත් වටිනා දෙයක් ශ්‍රී ලංකාවට ලබා දෙනු ඇතැයි විශ්වාස කළ හැකි ක්‍රීඩකයෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැකෝ සමන් සහ තැඹිලි ළහිරු ගැන අධිකරණය ගත්ත තීන්දුව!

කොළඹ LNW:ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් සිටින සංවිධානාත්මක අපරාධ...

එජාපයෙන් සමඟියට ගිය අයට පැනවූ තහනම ඉවතට!

කොළඹ LNW:සමගි ජන බලවේගයට එක්වීම නිසා පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු...

කහ සහ ඉගුරු වගාවටත් හොද කාලයක්!

කොළඹ LNW:වාණිජමය වශයෙන් හා අපනයනය කිරීමේ අරමුණින් වගා කරනු...

අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි සම්පත් මනම්පේරි අධිකරණයට භාරවෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : පසුගිය දා මිද්දෙණිය ප්‍රදේශයේදී...