මුකේෂ් අම්බානිගෙන් සිය බාල පුත්‍රයාට ඇ.ඩො.මි. 77.3ක සුඛෝපභෝගී මන්දිරයක් තෑගි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 27 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 77.3ක් වටිනා (ඉන්දීය රුපියල් කෝටි 640ක්) සුඛෝපභෝගී මන්දිරයක් තෑගි කිරීමට නියමිත බව GQ India මාධ්‍ය වාර්තා කළේය. ඒ සිය බාල පුත්‍රයා වන අනන්ට් අම්බානිගේ විවාහය වෙනුවෙන් බව වාර්තා වේ.

ජූලි මස 10 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති එම විවාහය වෙනුවෙන් තෑගි කිරීමට නියමිත මන්දිරය ඩුබායි නුවර සුප්‍රසිද්ධ පාම් ජුමෙයිරා ප්‍රදේශයේ මුහුදට මුහුණලා පිහිටා ඇතැයි ද, එය වර්ග අඩි තුන්දහසකින් සහ කාමර 10කින් සමන්විත අතිසුඛෝපභෝගී මන්දිරයක් බව ද GQ India සඳහන් කරයි.

GQ India වැඩිදුරටත් වාර්තා කළේ , මුකේෂ් අම්බානි විසින් මිල දී ගත් එම මන්දිරය නවීකරණය කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවත්, එම ඉඩම් ගනුදෙනුව මෙතෙක් ඩුබායි නුවර සිදු කර ඇති ඉඩම් මිල දී ගැනීම් අතරින් දෙවැනි විශාලතම මිල දී ගැනීම බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශපාලනයේ වැදගත්ම පොලිසි එක ජනතාවට අවංකවීමයි ….

ජ.වි.පෙ. අපේ පරම්පරාව දේශපාලනය කලා වගේ වසන්තලාගෙ පරම්පරාවත් අතේ...

ජනාධිපති ට්‍රම්ප් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට එරෙහිව ඩොලර් බිලියන 15 ක අපහාස නඩුවක් ගොනු කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද...

රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට ශ්‍රී ලාංකිකයින් සඳහා කැසිනෝ ඇතුළුවීමේ බද්ද වැඩි කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 1988 අංක 40 දරණ ඔට්ටු ඇල්ලීමේ...

අපි පක්ෂයක් ලෙස කාටවත් දේපළ තියෙනවාට විරුද්ධව කතා කරලාවත් නෑ. දේපළ තිබීම දේශපාලනයට එන්න බාධාවක් නෙවෙයි – ඇමති නලින්ද

වසන්ත සමරසිංහ අමාත්‍යවරයා සහ සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා ඔවුන්ගේ...