මුකේෂ් අම්බානිගෙන් සිය බාල පුත්‍රයාට ඇ.ඩො.මි. 77.3ක සුඛෝපභෝගී මන්දිරයක් තෑගි!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 27 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 77.3ක් වටිනා (ඉන්දීය රුපියල් කෝටි 640ක්) සුඛෝපභෝගී මන්දිරයක් තෑගි කිරීමට නියමිත බව GQ India මාධ්‍ය වාර්තා කළේය. ඒ සිය බාල පුත්‍රයා වන අනන්ට් අම්බානිගේ විවාහය වෙනුවෙන් බව වාර්තා වේ.

ජූලි මස 10 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති එම විවාහය වෙනුවෙන් තෑගි කිරීමට නියමිත මන්දිරය ඩුබායි නුවර සුප්‍රසිද්ධ පාම් ජුමෙයිරා ප්‍රදේශයේ මුහුදට මුහුණලා පිහිටා ඇතැයි ද, එය වර්ග අඩි තුන්දහසකින් සහ කාමර 10කින් සමන්විත අතිසුඛෝපභෝගී මන්දිරයක් බව ද GQ India සඳහන් කරයි.

GQ India වැඩිදුරටත් වාර්තා කළේ , මුකේෂ් අම්බානි විසින් මිල දී ගත් එම මන්දිරය නවීකරණය කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවත්, එම ඉඩම් ගනුදෙනුව මෙතෙක් ඩුබායි නුවර සිදු කර ඇති ඉඩම් මිල දී ගැනීම් අතරින් දෙවැනි විශාලතම මිල දී ගැනීම බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...