අද සොමි දවසක් – සුදර්ශියට එන්න

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 27, කොළඹ (LNW): සුදර්ශිය කියන්නෙ බොහෝ ප්‍රාසාංගික කලාකරුවන්ගෙ උපතට හේතු වුණ තැනක්.ඒ පොළවෙ මුණ ගැහුණු ආදරය බෙදා ගත් මිනිස්සු ලංකාවේ කලා කේෂ්ත්‍රයට දැවන්ත මෙහෙවරක් කරපු පුද්ගල චරිත හැටියට හඳුන්වන්න පුළුවන්.අද වන විට කලාවට මේ වටිනා බිම අහිමි වීමේ තර්ජනය සමඟ සටන් කරමින් ඉන්න සුදර්ශි ය කලාවට වඩාක් පලදායී මෙහෙවරක නියැලෙමින් සිටිනවා.ඒ අතරින් සුදර්ශි සිනමා අනු මණ්ඩලය සිංහල සිනමාවේ අභිමානයට දායක වූ කලාකරුවන්ව ඇගයීම සඳහා ඔවුන්ගේ දායකත්වය ලැබුණු සිනමා නිර්මාණ නොමිලේ ප්‍රේක්ෂකයින්ට නැරඹීම සඳහා ඉඩ හසර විවර කර දෙමින් සිටිනවා.


ඒ මඟෙහි අද දවස වෙන් වී තිබෙන්නේ ලාංකේය සිනමා වංශ කතාවේ දැවන්ත සළකුණක් තැබූ සොමී රත්නායක වෙනුවෙන්.රූප කාය මෙන්ම හඬ පෞරශයෙන් ද සිනමාවට පෞරෂයක් තැනූ රංගවේදියෙක් වන සොමී රත්නායක උපහාර සිනමා දැක්ම නම් කර තිබෙන්නේ ඔහු වේදිකාවේ පෙළහර පෑ නාට්‍යයක නමින්.ඒ රන් සළකුණ.කෙසේ නමුත් සොමී සිංහල සිනමාවේ ස්වර්ණමය සටහන් තැබූ අයෙකු බව අවිවාදිතයි.


ඒ රන් සළකුණ වඩාත් දීප්තිමත් කරන සිනමා නිර්මාණ තුනක් අද සුදර්ශියේදී ලාංකේය සිනමා රසිකයන්ට නොමිලේ බලා ගන්නට ලැබෙනවා.උදේ 10.00 සිට ඇරඹෙන මේ සිනමා ප්‍රදර්ශනයේ පළමු දිග හැරුම වෙන්වී තිබෙන්නෙ සුරබිදෙන වෙනුවෙන්.පස්වරු 2.00 ට සුද්දිලාගේ කතාව ප්‍රදර්ශණය වෙනවා.පස්වරු 5.00 ට සෙමී රත්නායක ඇගයීමේ උළෙල ක්‍රියාත්මක වන අතර එහිදී සොමීගේ සිනමා දායකත්වය පිළිබඳව ඩබ්ලිව් ජයසිරි සහ අජිත් ගලප්පත්ති දේශන පැවත්වීමට නියමිතව සිටිනවා.ඉනික්බති නැවතත් පස්වරු 6.30 ට සොමීගේ රංගනයෙන් පොහොසත් වුණ උතුමාණෙනි ප්‍රදර්ශනය වීමට නියමිතව තිබෙනවා.


වැසිබර කාලගුණය මැඩ පුළුවන්නම් මේ ආදරණිය දැවන්ත සිනමා පෞරුෂ්‍ය ආදරයෙන් නහවන්න ඔබට හැකියාවක් තිබේනම් සුදර්ශි ශාලාවට පැමිණීම අතිශයින් වැදගත්.බොහෝ විට රළු චරිතවල සිය රූපකායත්,හඬ තාරතාවයත් මෙහෙය වූ මේ අපූරු සිනමා රංගන ශිල්පියාගේ ජීවිතයේ මුදු ජීවන චරිතය ඔහුත් සමඟම විඳ ගන්න ලැබෙන දවසට කිව හැකි හොඳම නම අපට හිතෙන හැටියට “සොමි දවසක්”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...