හොරෙන්ම දුම්රිය ගාස්තු වැඩි කරලා – දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් චෝදනා

Date:

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහළ දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. ඉතිහාසයේ පළමුවරට කිසිදු පෙර දැනුම්දීමකින් තොරව ගාස්තු වැඩි කිරීමට කටයුතු කර ඇති බවටයි එම සංගමය චෝදනා කරන්නේ.

අවම තරමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් හෝ දැනුවත් කිරීමට කටයුතු නොකළ බවත්, මේ නිසා දුම්රිය මගීන් සමග සෘජුව සම්බන්ධ වන දුම්රිය ස්ථානාධිපතිවරුන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවත් එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසනවා.

දුම්රිය මගීන් බරපතල අපහසුතාවයට පත් කරමින් ඇතැම් ටිකට්පත් ගාස්තු 50% – 60% අතර ප්‍රමාණයකින් ඉහළ දමා ඇති බව පෙන්වා දෙන සභාපතිවරයා පවසන්නේ ඉතිහාසයේ කිසිදු අවස්ථාවක මෙවැනි මිල ඉහළ දැමීමක් සිදුකර නොමැති බවයි.

යම් හෙයකින් දුම්රිය ප්‍රවේශ පත්‍රවල මිල ඉහළ දැමීම කටයුතු කළහොත් වර්ජනයක් ආරම්භ කරන බවට දුම්රිය වෘත්තීය සමිති මීට පෙර අනතුරු අඟවා සිටි අතර ඒ අනුව ඇතැම් වෘත්තීය සමිති වර්ජන ක්‍රියාමාර්ගයකට එළඹීමටද තීරණය කර තිබෙනවා.

FOT = කොළඹ කොටුව
KDT = මහනුවර
NOA = නානුඔය
ELL = ඇල්ල
BAD = බදුල්ල

KRN = කුරුණෑගල
ANP = අනුරාධපුර
KOC = කිලිනොච්චිය
KKS = කන්කසන්තුරය

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...