නාය යාම හේතුවෙන් පැපුවා නිව්ගිනියාවේ මියගිය සංඛ්‍යාව 2,000 ඉක්මවා ඇති බව රාජ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 27,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දින තුනකට පෙර පැපුවා නිව් ගිනියාවේ සිදුවූ විශාල නායයාම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2,000 ඉක්මවා ඇති බව එරට ජාතික ආපදා මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.

එංගා පළාතේ මායිප්-මුලිටකා ප්‍රදේශයේ දුෂ්කර හා කඳුකර ගම්මාන හයක මිනිසුන් 4,000 ක් ජීවත් වූ බවත්, බොහෝ දෙනෙක් නිදා සිටියදී සිකුරාදා අලුයම මෙම නාය යාම සිදු වූ බවත් එරට ජාතික ආපදා මධ්‍යස්ථානය වැඩි දුරටත් සඳහන් කර තිබේ.

ඒ අනුව නිවාස 150කට අධික සංඛ්‍යාවක් සුන්බුන් යට වැළලී ගොස් ඇති අතර ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතයි.

විපතට පත් වුවන් නැවත නගාසිටුවීම වෙනුවෙන් ඕස්ට්‍රේලියාව සඳුදා(27) ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 2.5 (ඩොලර් මිලියන 1.66) ආධාර ලබා දී ඇති අතර ඕස්ට්‍රේලියානු රජය වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, ගලවා ගැනීමට සහ යථා තත්ත්වයට පත් කිරීම සඳහා තාක්ෂණික විශේෂඥයන් යවන බවයි.

චීන රජයද ආධාර ලබා දෙන බව ප්‍රකාශ කර ඇති අතර නාය යාම හේතුවෙන් 1,250 කට වැඩි පිරිසක් අවතැන්ව සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවේ හුන්ඩායි මෝටර් සමූහ නවෝත්පාදන මධ්‍යස්ථානයේ සංචාරයක (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිංගප්පූරුවේ...

කුමන අභියෝග ආවත් ජනතාවට පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් හදලා දෙනවාමයි – කොට්ටහච්චි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට අසාධාරණ ලෙස විවේචන එල්ල කරන...

සමාජ මාධ්‍ය වීඩියෝ කිහිපයක් ගැන LOLC සමාගමෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC සමූහයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ හඬ සහ...

මුදල් විශුද්ධිකරණය : හිටපු ඇමති කෙහෙළියට ආධාර අනුබල දුන් ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් විශුද්ධිකරණය සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය...