රෆා හි කූඩාරම් කඳවුරකට එල්ල කළ ඊශ්‍රායල් ප්‍රහාරයකින් 45 දෙනෙකු මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 28,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : හමාස් සන්නද්ධ අංශය වන අල්-කසාම් බළකාය විසින් පසුගිය 26 වනදා නැවතත් ඊශ්‍රායලයේ ටෙලඅවු වෙත දියත් කරන ලද මිසයිල ප්‍රහාරයෙන් අනතුරුව ඊශ්‍රායලයද රෆා වෙත සිය ප්‍රහාර දැඩි කර ඇති බව වාර්තා වේ.

මේ අතර රෆා හි අවතැන්වුවන්ගේ කඳවුරකට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් 45 දෙනෙකු මියගොස් 200කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර මියගිය අයගෙන් අඩකට වඩා කාන්තාවන්, ළමයින් සහ වයෝවෘද්ධ පුද්ගලයින් වන අතර, හමාස් පාලනය කරන ගාසා හි සෞඛ්‍ය නිලධාරීන් පැවසුවේ, දරුණු පිළිස්සුම් ඇති පුද්ගලයින්ගෙන් මරණ සංඛ්‍යාව ඉහළ යාමට ඉඩ ඇති බවයි. නෙතන්යාහු මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, මෙය ඛේදනීය ඇත් වැරද්දක් බවයි.

කෙසේ නමුත් මේ ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද(27)හදිසි රැස්වීමක් කැඳවා ඇති අතර මේ වන විට ඊශ්‍රායල ආන්ඩුව ගාසා තීරයේ යුද්ධය සම්බන්ධයෙන් පෙර නොවූ විරූ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික පීඩනයකට මුහුන දී සිටියි.

රෆාහි ප්‍රහාරය සම්බන්ධයෙන් ‘X’හි සටහනක් එකතු කරමින් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් සඳහන් කර තිබුණේ, ඊශ්‍රායලයේ නවතම ප්‍රහාර සම්බන්ධයෙන් තමා කෝපයට පත්වන බවත්, පලස්තීන සිවිල් වැසියන් සඳහා රෆාහි ආරක්ෂිත ප්‍රදේශ නොමැති බැවින් මෙම මෙහෙයුම් නතර කළ යුතු බවත්ය.

මිට අමතරව ජර්මානු විදේශ ඇමති ඇනලේනා බෙයර්බොක් සහ යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ජෝසෙප් බොරෙල්, කැනඩා විදේශ ඇමතිනි මෙලනි ජොලි, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද මෙම ප්‍රහාරය හෙලා දැක ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...