මම කොහෙද ගර්භාෂ යුද්ධයක් ගැන කිව්වේ ? වෛද්‍ය සාෆිට චෝදනා කළේ අපි නෙවෙයි – විමල් බබාට අඳියි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂියාබ්දීන් සාෆි මහතාට වඳ සැත්කම් චෝදනාවක් එල්ල වූ සමයේදී තමන් එය ගර්භාෂ යුද්ධයක් වශයෙන් ප්‍රකාශ නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

මාධ්‍යවේදියා – ඔබ මේ සම්බන්ධයෙන් ඉතාම සංවේදී වුණානෙ ? එතකොට ඔබ එදා ගර්භාෂ යුද්ධය යනුවෙන් හඳුන්වමින් සටන් කරපු කාරණාව දේශපාලන ව්‍යාපෘතියක් වෙනුවෙන් ඇති කරපු ප්‍රබන්ධයක්ද ?

“දැන් ඔබ කොහොමද කියන්නෙ මම කිව්වායි කියලා ගර්භාෂ යුද්ධයක් ගැන ?”

මාධ්‍යවේදියා – ඔබතුමා එලෙස සඳහන් කරපු හඬපට තිබෙනවා ….

“මෙහෙමයි, වෛද්‍ය සාෆි සම්බන්ධ චෝදනාව කළේ අපි නෙවෙයි, කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂකවරයා සහ එහි ඇතැම් මව්වරු. එහෙමනෙ චෝදනාව ආවෙ. ගර්භාෂ යුද්ධයක් කියලා එකක් ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙ සමහර තැන්වල තියෙනවා. ඒ කියන්නෙ දැන් ඉන්දියාවෙ රෝ සංවිධානයට අනුව ඉන්දියාවෙ ජනගහණය ඒගොල්ලො සලකන්නෙ පස්වෙනි හමුදාව හැටියට. ඒ කියන්නෙ ජනගහණය කියන්නෙ එක්තරා ආකාරයක පොලිටිකල් ටූල් එකක්. ඒක වෙනම කතාවක්. නමුත් මෙතන වුණේ කුරුණෑගල රෝහලේ එවකට හිටපු අධ්‍යක්ෂකවරයා මේ චෝදනාව කළේ. ඔහු තමයි පැමිණිල්ල කළේ. ඔහුට තමයි මව්වරුන් පැමිණිලි කළේ. ඔහුගේ පැමිණිල්ලට අනුව තමයි මොහු අත් අඩංගුවට ගත්තේ. අපි කළේ මහජන නියෝජිතයින් විදියට රෝහලට ගිහිල්ලා මේකෙ සත්‍ය අසත්‍යතාවය සොයාබැලුවා. අධ්‍යක්ෂකවරයා හම්බුණා, ඔහුගෙන් මේ ගැන විමසා බැලුවා. ඒ වෙලාවෙ හිටියා මව්වරු කීපපොළක්, ඒ අයගෙන් විමසා බැලුවා. ඒ අය කියපු කතාවත් එක්ක එළියට ඇවිල්ලා අපි මාධ්‍යයට කිව්වා මේ ගැන සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා. අපි නිගමනයක් දුන්නෙ නෑ සාෆි මේක කළාමයි හෝ නොකළාමයි කියලා. එහෙම නිගමනයක් දෙන්න අපි විශේෂඥයො නෙවෙයි. අපිට අයිතියක් තියෙනවා මහජන නියෝජිතයො හැටියට යම් විදිහක ඒ වගේ චෝදනාවක් වගකිවයුතු පාර්ශ්වයකින් මතුවෙනවා නම් ඒ චෝදනාව පිළිබඳ සොයාබලලා පරීක්ෂණයක් කිරීම සඳහා අදාළ බලධාරීන් යොමුකරන්න”

විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

විමල් වීරවංශ මහතා ඒ දිනවල ගර්භාෂ යුද්ධයක් ගැන කියමින් මාධ්‍ය හමු දෙවනත් කරමින් නැටූ වන්නම අපට නම් හොඳටෝම මතක ය. අනෙක් අතට ඔහු දැන් ඔය කියන “රෝහල් අධ්‍යක්ෂකවරයා”, එනම් සරත් වීර බණ්ඩාර යනු විමල්ලාගේ සමීප දේශපාලන ගෝලයකු බවත් අපට හොඳටෝම මතක ය. මේ විනාශකාරී දේශපාලන ව්‍යාපෘතියට එරෙහිව දහසක් අවලාද අපහාස මධ්‍යයේ වුවත් සත්‍යය වෙනුවෙන් අප එදා පෙනී සිටි අයුරුත් අපට මතක ය. අමු කුණු ජාතිවාදය වපුරා, එයින් බලය ලබාගෙන, ඇමති සැප විඳිමින් සිටි අතරේ රටේ ආර්ථිකයත් විනාශ කර දමා, අන්තිම මොහොතේ එතැනිනුත් එළියට පැන්න විමල් නම් දැන් තොත්ත බබෙකු වී ඇති ගාණ ය …

ගර්භාෂ යුද්ධය ගැන විමල් එදා කියූ, අද ඔහුට මතක නැති බව පෙන්වන ප්‍රකාශයක් පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...