2024 වසරේ ශ්‍රී ලංකා රුපියල USDට සාපේක්ෂව 8%ක පමණ සමස්ත අගයක් වාර්තා කරයි – මහ බැංකුව

සටහන – රෂිකා හෙන්නායක

මැයි 28, කොළඹ (LNW): සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙන බව සඳහන් වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් පැවැත්වූ රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 8.50 සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)සියයට 9.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කර තිබෙන බව පැවසේ. මේ අතර 2024 අප්‍රේල් මාසය අවසන් වන විට මෙරට නිල දළ සංචිත ප්‍රමාණය USD බිලියන 5.5 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

2024 වසරේ ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා රුපියල USDට සාපේක්ෂව 8%ක පමණ සමස්ත අගයක් වාර්තා කර තිබෙන බව මහ බැංකුව කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...