කමිටු වලින් වැඩක් නෑ, ගැටලුවට විසඳුම් ලැබී නෑ – විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක සංගමය

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 29, කොළඹ (LNW): කමිටු පත්කිරීමෙන් පමණක් මෙම ගැටලුවට විසඳුම් සෙවිය නොහැකි බවත්, විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් ආරම්භ වැඩවර්ජනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක සංගමයේ සම සභාපති, ධම්මික එස්. ප්‍රියන්ත මහතා සඳහන් කළේ ය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ,

“අපි බලාපොරොත්තු වුණා වැඩවර්ජනයේ යෙදෙන පාර්ශවය විදියට වසර ගණනාවක් පුරා විශ්වවිද්‍යාල පද්ධතියේ ඇදෙන ගැටලුව සඳහා විසඳුම් ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලය වෙත යොමුකරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ දෙකට යහපත් ප්‍රතිචාරයක් ලැබෙයි කියලා. මේ සම්බන්ධයෙන් නිල පිළිතුරක් අපට තවමත් ලැබිලා නෑ. අපිට ආරංචි විදියට මේ සඳහා තවත් කමිටුවක් පත්කරපු බවක් තමා දැනගන්න ලැබෙන්නේ. එම නිසා අපි ඉතා ඕනෑකමින් රජයට කියන්න ඕනේ, විශ්වවිද්‍යාල සේවකයින් මේ අරගලයට අවතීර්ණ වෙලා දින 27 තිස්සේ වැඩවර්ජනයක් කළේ තවත් කමිටුවක් පත්කරගන්න නෙමෙයි. මේ කමිටු වාර්තා තුළින් මේ ඉල්ලීම් සාධාරණයි කියලා පිළිගෙන තියෙනවා. තවත් කමිටුවක් පත්කිරීම කාලය කා දැමීමක්. රජය පාර්ශවයෙන් තවමත් අපිට පිළිතුරක් ලැබිලා ඒ නිසා වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට වෘත්තීය සමිති නායකයින් ඒකමතික තීරණයකට එළැඹිලා තියෙනවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...