බැංකුවක් කොල්ල කෑ දෙදෙනෙකු අත්අඩංගුවට!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 29, කොළඹ (LNW): බැංකුවක් බිඳ රන් භාණ්ඩ හා මුදල් සොරා ගැනීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන් වේ. ජාඇල ප්‍රදේශයට අදාළ බැංකුවක් බව වාර්තා වේ.

මෙම බැංකුව බිඳ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුතු රන් භාණ්ඩ හා මුදල් සොරාගෙන ගොස් තිබුණේ පසුගිය 25 වනදායි.

මෙහි ප්‍රධාන සැකකරු කොල්ලුපිටිය ප්‍රදේශයේදී පසුගිය 26 වනදා අත්අඩංගුවට ගෙන තිබුණ අතර , සොරකම් කළ රන් වළලු 49 ක්, මුදු 81 ක් , අත්පලදනා 24 ක්, රන් දම්වැල් 79 ක්, පෙන්ඩන්ට් 26 ක් , කරමාල 09 ක් ඇතුළු උපකරණ සොයා ගැනුණේ ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී බව වාර්තා වේ.

ඔහුගෙන් තවදුරටත් සිදු කළ ප්‍රශ්නකිරීම්වලදී හෙලි වූ තොරතුරු මත තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙන බවද පැවසේ.

පොලීසිය පවසන්නේ , ඔවුන් පානදුර හා බොරලැස්ගමුව  ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...