අලුත් අගමැති කෙනෙක්ට කෑම උයන්න ලෑස්ති වෙන්න – මහින්දගෙන් මුළුතැන්ගෙට උපදෙස් !

Date:

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (24) දිනයේදී අරලියගහ මන්දිරයේ මුළුතැන්ගෙයි කාර්ය මණ්ඩලයට අපූරු කතාවක් කියා ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දිනයේදී අරලියගහ මන්දිරයේ මුළුතැන්ගෙයට ගොස් එහි කාර්ය මණ්ඩලය හමුවී සුහද කතා බහක නිරත වී ඇති අතර එහිදී ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ එළඹෙන සිංහල – දෙමළ අලුත් අවුරුද්දෙන් පසු, ජුනි 10 වනදාට පෙර නව අග්‍රාමාත්‍යවරයෙකු අරලියගහ මන්දිරයට එනු ඇති බවයි.

තමන්ට සේවය කළාක් මෙන්ම නව අග්‍රාමාත්‍යවරයාටත් ඉතාම හොඳින් සේවය සලසන ලෙස මහින්ද රාජපක්ෂ මහතා එහිදී මුළුතැන්ගෙයි කාර්ය මණ්ඩලයෙන් ඉල්ලීමක් ද කර ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ.

එමෙන්ම මෙහි කිසිදු දේශපාලන ගැටුමක් නොමැති බවත් නව අගමැතිවරයෙකු පත්වන්නේ රට මේ වනවිට මුහුණ දී සිටින අර්බුදයෙන් බේරාගැනීම සඳහා බවත් අග්‍රාමාත්‍යවරයා පවසා ඇති බව ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...

මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...