පර්යන්ත රෝහල් සහ විශේෂඥ ඒකක 400ක් වසා දමන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට GMOA සැරසෙයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වෛද්‍යවරුන් විදෙස්ගත වීම ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් උද්ගතව ඇති වෛද්‍ය හිඟය නිසා පර්යන්ත රෝහල් ගණනාවක රෝගී සත්කාරක සේවාවන් පවත්වාගෙන යාම ගැටලුසහගත වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එසේ තිබියදීත් මේ වනවිට වෛද්‍යවරුන් 1390ක කණ්ඩායමක් සීමාවාසික පුහුණුව අවසන් කර පශ්චාත් සීමාවාසික පත්වීම් බලාපොරොත්තුවෙන් සිටියත් මාස 08ක් තිස්සේ ඔවුන්ට එම පත්වීම් ලබාදී නොමැති බවයි එම සංගමය සඳහන් කරන්නේ.

එම ප්‍රමාදය පිළිබඳව ඔවුන්ගේ චෝදනාව එල්ල වී ඇත්තේ කළමනාකරණ සේවා කොමිෂන් සභාවට ය.

ඒ අනුව, මෙම ගැටලුවට කඩිනම් විසඳුම් ලබා නොදෙන්නේ නම් දැනටත් අර්බුදයට ලක්ව ඇති රටපුරා පිහිටි රෝහල් සහ විශේෂඥ වෛද්‍ය ඒකක 400කට අධික ප්‍රමාණයක් වසා දැමීමට තම සංගමය කටයුතු කරනු ඇති බවයි ඔවුන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ.

එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන මාතලෙන් ඇරඹේ!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට...

ඊශ්‍රායල ගැටුමෙන් මියගිය හමුදා නායකයින් සඳහා ඉරානය රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පවත්වයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් එල්ල...

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...