මුළු රටම අර්බුදයකට …??

Date:

රට මුහුණ දී ඇති ආර්ථික ව්‍යසනය තරණය කිරීම යනු ජාත්‍යන්තර සබඳතා ගිවිසුම් මනාව නඩත්තු කරමින් සීරුමාරුවට කරගත යුතු වැඩකි..කවුරුන් හරහා හෝ ඒ මාවතේ සුළු දුරක් හෝ අප ඇවිත් ඇති බව අප පිළිගත යුතුව ඇත..අනුර කීවා සේ වැල් පාලමේ යම් දුරක් අප ඇවිත් ඇත..

මෙවන් මොහොතක ජනප්‍රියවාදයන්ට හසුව ට්‍රේනිං ලෙවල් එකේ ඉන්න ස්ටාර්ලට සුක්කානම දීම ජාතියේ වරිගේ නසාගැනීමකි..

මේ මොහොතේ ග්‍රාම්‍ය ජනප්‍රිය වාදය වී ඇත්තේ අවංකව බොක්කෙන් දේශපාලනය කලවිට සහ හොරු හිරේ දැමූ විට රට ඉබේ සංවර්ධනය වනු ඇත වැනි අන්දභූත දෘෂ්ටිවාදයකි.

නමුත් අප නැවත නැවතත් අවදාරනය කරගත යුතු යථාර්ථය නම් මෙවන් ක්‍රයිසීස් එකකදී ගෝළීය ආර්ථිකය වැඩකරන අයුරු මනාව දත් යායුතු පාර හොඳින්ම දන්නා අයකු අත සුක්කානම තිබිය යුතු වීමයි..

විශේෂයෙන්ම මෙවන් අර්බූධයක් වූකලී රට ඇතුලේ කරන සම්පකාර, ශ්‍රමදාන ක්‍රියාවලියකින් ගොඩදාගත හැකි සරළ තත්වයක් නොවේ…

මෙහිදී සම්පකාර ක්‍රමවේද තුල ඇත්තේද ගෝළීය ප්‍රාගධනයට ඇති විරෝධයකි, එහි මුඛ්‍ය අරථය “අපට ගෝළීය ප්‍රාගධනය අවශ්‍ය නැතිබවත් අපේ සම්පකාරෙ හරහා වැඩේ ගොඩදාගත හැකියැයි” සිතන එයද එක්තරා දූපත්වාදයකි. ඒ සම්පකාර දර්ශනය තුල ඇත්තේ අර්බූදය කුමක්දවත් නොදන්නා කමේ සංඥාවයි..

බොහෝ විට වැල් පාලම කැඩී ආර්ථිකය වසර දෙකකට කලින් තත්වයටම ඇද වැටුන හොත් මේවනවිට බලයට සිහින දකින කිසිවෙකුට හෝ බලය නොලැබී කිසිවෙකු අපේක්ෂා නොකල ඒකාධිපති ෆැසිස්ට් බලවේගයකට හෝ එය මර්ධනය කිරීම හරහා ශක්තිමත් වෙන හමුදා ආන්ඩුවකට බලය ප්‍රක්ශේපනය විය හැකිය..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිවුවන දිනටත් ඉරාන-ඊශ්‍රායල් ගැටුම අඛණ්ඩවම; ඊශ්‍රායලය ටෙහෙරානයේ ගුවන් අවකාශය අත්පත් කරගනියි

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය හා ඉරානය...

IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරිය සහ ජනපති අතර හමුවක්!

රෂිකා හෙන්නායක ජූනි 16, කොළඹ LNW : ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

මාලිමාවට තවත් ජයග්‍රහණ තුනක්!

රෂිකා හෙන්නායක ජූනි 16, කොළඹ LNW : අද (16)...

චීන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයක්!

කොළඹ LNW:විවිධ අභියෝග මධ්‍යයේ චීන ආර්ථිකය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම්...