සදාකාලික තරුණිය

Date:

හබුරු කොළයක රටා විසුරුණ
බෙලෙක්මය ‘රන් තැටිය’ කෙළවර
පෙළට බයියං ගුලි තානාගෙන
පුතුව කපුටෙක් බවට පත්කළ

පුතුන් හැංඟෙනකොට තැනින් තැන
‘කාක්’ කිය කිය ළඟට කැඳවන
කොළඹ කපුටන් කොළඹ ඇ හැටි
බයි කටින් කට කියා පහදන
තරුණියට අද වයස කීයද?

දඟබවේ කටු ඔටුණු පැළඳුව
බොකුටු කොන්ඩය පතුළ සැඟවුණ
කරඬු හොය හොය රැඳෙන මොහොතක
උකුනුවන්ටත් තටු පළන්දන

කතා නැතිකොට ඔලුව පද්දන
දුෂ්ට වසවර්ති ම ආත්මය
ශුද්ධවරභාවයට ඔසවන
තරම් ඉවසීමක් වගාකළ
තරුණියට අද වයස කීයද?

වතුර දැක්කම පණ කඩාගෙන
දුවන ඌරිත්තකු හොයා යන
කොහිල ගාලෙන් මඩ විමානෙන්
ඌ හොයාගෙන ළිඳට දක්කන

වතුර ඇද ඇද චරිත මව මව
පෙඟුණ අතපය කුණු අතුල්ලන
අලුත උපදින කතන්දරයට
සන්ලයිට් ගා යළිඳු නාවන
තරුණියට අද වයස කීයද?

හස්ති රජවුණු භීම සමයෙක
ගෙදර ඉදිකර මොන්ටිසෝරිය
අතිනි අල්ලා අකුරු හැඩකර
පළමු ගුරුවර චරිතයට බට

අකුරු වචනව කතා ලියැවෙන
අතීතයකට කතා කර කර
අනාගතයට කතා මැවුමට
කතා දහසක් හද නිධන් කළ
තරුණියට අද වයස කීයද?

වයිබරේ අත්තටු මවාගෙන
කතා අහුරක් තුඩින් අරගෙන
පියාඹාවිත් ළඟින් ඉඳගෙන
කතා මැද අඬ අඬ හිනාවෙන

යොහන්නස් ඒ සොඳුරු තෙලිතුඩ
සකල හැඟුමන් ඇහේ දියකර
මුතු කරාබුව ගෙන පැළැන්දුව
තරුණි රුවටත් වඩා ලස්සන
තරුණියට අද වයස කීයද?

~ මංජුල වෙඩිවර්ධන
2017 ජූනි 23

සිතුවම : Girl with a Pearl Earring by Johannes Vermeer

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්රේනයේ කියෙව් වෙත එල්ල කරන ලද රුසියානු ප්‍රහාර හේතුවෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සහ යුරෝපා සංගම් කාර්යාලවලට බරපතල හානි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(27)රාත්‍රියේදී රුසියාව විසින්...

ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ ;: පවතින සුළං සහ...

මහජන යුද ජයග්‍රහණ අනුස්මරණ උත්සවයට සූදානම් වන චීනය!

කොළඹ LNW:ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ ලෝක...

හෙට දින අනිවාර්යයෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටින බව රාජිතගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ LNW: තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා...