අපිට කැරට් පෙන්නලා ඇමතිලා වාහන ගෙන්න ගන්න හදන්නේ – වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන් රජයට විරෝධය!

Date:

කොළඹ LNW:ආර්ථික කඩා වැටීම හමුවේ වාහන ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවා මේ වන විට වසර හතරක පමණ කාලයක් ඉකුත්ව ඇති නමුත් තවදුරටත් එම ප්‍රශ්නය නිරාකරණය කිරීමට රජය අපොහොසත්වී ඇති බව ශ්‍රීලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වාදෙයි.

එහි සභාපති ප්‍රසාද් මානගේ මහතා පවසන්නේ ක්‍රමානුකූලව වාහන ආනයනය කිරීමට අවස්ථාව දෙන බව පැවසුවද තාමත් ඊට දිනයක් හෝ ලබා දී නොමැති බවයි.

”අපි වාහන ආයතනය කළාම 200% ක් පමණ රජය බදු ගන්නවා. මේ වාහන ගේන්න අවසර දෙනවා කියන කැරට් අලය පෙන්වා සූදානම් වෙන්නේ මැති ඇමති වරුන්ට අවශ්‍ය වාහන ටික ගෙන්වා දෙන්නයි.අපි සාකච්ඡා කලා. අපි කියන්නේ ක්‍රමානුකූලව මේ වාහන ආනයනය ඇති කළ යුතුයි.දැන් තිබෙන වාහන පරණයි. මේ කර්මාන්තය අමාරු තැනක දැන් තිබෙන්නේ.ගොඩක් අය ව්‍යාපාරය අතහැර තිබෙනවා. ඒක 50% ක 60% ප්‍රමාණයක්. දැන් මිල සාධාරණද නැද්ද කියන්න බෑ. ඉල්ලුම හා සැපයුම එක්ක ඒක තීරණය වෙන්නේ. එදා ඉඳලම වාහනවලට වැඩි මිලක් ගෙවන්න පාරිභෝගිකයන්ට සිදු වුණා.
එක පාරට වාහන සියල්ල ගෙන්වන්න කියලා අපි කියන්නේ නෑ. අත්‍යාවශ්‍යම වාහන ටික මුලින් ගෙන්විය යුතුයි. වාහන ආනයනය ආරම්භ කලත් ලොකු මිල අඩුවීමක් බලාපොරොත්තු වෙන්න බෑ, ඒ අතරේ වාහන මිල වැඩි වෙයිද කියලත් සැකයක් තියෙනවා.”
යනුවෙන් මානගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TASTY TUESDAYS – මේ මාගරීටා නොට් සෙනොරිටා! Italy on a Plate: Meet the Iconic Margherita Pizza!

සටහන – පුලී නොවැම්බර් 11, කොළඹ (LNW): Margherita Pizza යනු...

මැලේසියාවට එරෙහිව 5 – 0 ක ජයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 11, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණ...

වායු කැළඹීමෙන් වෙච්ච දේ – උතුරු වායුගෝලයේ වායු දුෂණය ඉහළට!

කොළඹ LNW: මෙරට උතුරු ප්‍රදේශයේ වායුගෝලයේ ස්වභාවය අහිතකර තත්ත්වයකට...

රටම එකට විශේෂ මෙහෙයුමෙන් තවත් 693 ක් අත්අඩංගුවට!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොලීසිය විසින් ක්‍රියාත්මක කර ඇති රටම...