ඇත්තටම ජනරැලි යථාර්තවාදීද?

0
276

අප පිලිගත්තත් නැතත් දකුණු අසියාව පුරා පැතිර ඇත්තේ ජනසහභාගිත්වය සහිත මැතිවරණ රැලි බව ප්‍රකාශ කල යුතුමය. ඇත්තෙන්ම එය තමන්ගේ මානසික සුවය පිණිස එක් එක් පක්ෂ විසින් සාදා ගත් යාන්ත්‍රනයක් බව පැහැදිලිය. බොහෝ වේලාවට වන්නේ මතුපිටින් පෙනෙන සෙනග තම්න්ගේ චන්ද පත්‍රිකාවේ නොමැති බව අදාල පක්ෂවලට පෙනෙන්නේ චන්ද ප්‍රථිපලය ආවාට පසුව වීමයි . සෙනගත් සමග සංවිධානය කරන දේශපාලන රැලි අප රටේද චන්ද වලදී සුලබව දැකගත හැක. කෙසේ වෙතත් සෙනග අද්දවා කරනු ලබන මෙම දේශපාලන රැලිවල යථාර්තය පහත පරිදි අප හදුනාගෙන ඇත.
සියලු දෙනාම තම පක්ෂයේ ඕඩර් එක අනුව බස් එකේ නැගී කොළඹ පැමිණේ.

බස් එකේ පැමිණීමේ වෙනස්කමක් ඇත.

දක්ෂිණාංශික පක්ෂ බොහෝ විට බස් රථය සදහා මුදල්ද එන පිරිසට ආහාර හා මත්පැන්ද ලබා දෙනු ලබයි.

වමේ පක්ෂවල සාමාජිකයන් බොහෝවිට බස් රථය හා ආහාර සදහා තමන් මුදල් වියදම් කළ යුතුය.
දක්ෂිණාංශික පක්ෂිකයන් රැස්වීමට යන ගමන්ම සූර් වේ..

වමේ පක්ෂවල පාක්ෂිකයන් රැස්වීම ඉවර වී එන ගමන් සූර් වේ..

සියලු පක්ෂවල සිටින්නේ කන බොන මිනිසුන්‍ ය.ජීවිතේ දහසක් ප්‍රාර්ථනා ඇති මිනිසුන් ය.මෙහි මනෝවිද්‍යාත්මක ප්‍රවේශය වන්නේ ඒ තුළ ග්‍රාමීය ඡන්ද පදනමට කළ හැකි බලපෑමය බව අපට ප්‍රකාශ කල හැක. .එහෙත් එය යාවත්කාලීන නොමැති බවද කිවයුතු වේ. කවුරු මොනවා කිව්වද මෙම සෙනග ඇද්දීමේ කලාව අප රට තුල චිරාත් කාලයක් වැජඹෙනු ඇති බව අපගේ නිගමනයයි.

උපුල් දේවප්‍රිය Facebook
Sponsored Article

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here