ජනපති උපදෙස් මත උතුරු සංවර්ධනයට පියවර!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 01 , කොළඹ (LNW):පසුගිය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උතුරු පළාතේ සංචාරයෙන් පසු ක්ෂේත්‍ර රැසක විවිධ සංවර්ධන කාර්යයන් ආරම්භ කිරීම සඳහා සැලසුම් සකස් කෙරෙමින් පවතින අතර, ජනාධිපතිවරයාගේ සංචාරයේ දී උතුරේ සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම සඳහා තීරණ රැසක් ගනු ලැබීය.

ඒ අනුව යාපනයේ ඓතිහාසික ස්ථාන මුල්කර ගනිමින් දෙස් විදෙස් සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට සැලසුම් සකස් කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන් අතර, ස්වාභාවික සෞන්දර්යෙන් අනුන ගුරුනගර් මුහුදු කලාපය ධීවර ජනතාව විසින්ම අපිරිසිදු කිරීම හේතුවෙන් සංචාරක ව්‍යාපාරයට එය බාධාවක් වී ඇත.

ජනාධිපතිවරයාගේ සංචාරයෙන් පසු එම මුහුදු කලාපය පිරිසිදුකර අපද්‍රව්‍ය විධිමත්ව බැහැර කිරිමේ වැඩසටහනක් ආරම්භ කෙරුණු අතර , එම පියවර ගෙන ඇත්තේ උතුරු පළාත් ආණ්ඩුකාර පී එස් එම් චාල්ස් මහත්මියගේ උපදෙස් අනුව බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය සමඟ ඇතිවූ 'දිට්වා' සුළි කුණාටුව...

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...

යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් දා ...

විවේචනයද ? අපහාසයද?

උපාලි කොළඹගේ කොළඹ LNW: ජනාධිපති අනුර කුමාර දිසානායකට ඉතාමත් පහත්...