යෝජනාව සම්පූර්ණ නම් ජූලි මස මැද වනවිට ගාස්තු සංශෝධනය කළ හැකියි – මහජන උපයෝගීතා කොමිසම

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 01 , කොළඹ (LNW): විදුලිය ගාස්තු අඩු කිරීම සඳහා වන යෝජනාව ඉදිරි සති දෙක ඇතුළත යොමු කරන්නේ නම් ජූලි මස මැද වනවිට ගාස්තු සංශෝධනය කළ හැකි බව, මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය,

මැයි මස 1 වැනිදා වන විට විදුලි ගාස්තු අඩු කිරීම සඳහා වන යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බවත්, වෙතත් විදුලිබල මණ්ඩලය විසින් පසුගිය 27 වැනිදා සිට තවත් සති දෙකක කාලයක් ඉල්ලා සිටි බව සඳහන් වේ.

මංජුල ප්‍රනාන්දු මහතා කියා සිටියේ, අදාළ යෝජනාව ලැබුණු පසුව මහජන අදහස් ගැනීමෙන් පසුව ඉදිරි කටයුතු කළ හැකි බවයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ නිල වාර්ෂික විදුලි ගාස්තු සංශෝධනයට අනුව ජූලි මස 1 වැනිදා විදුලි ගාස්තු සංශෝධනය කළ යුතුව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වංකගිරියක අපේ ජීවිත ….

අප සමනල් පිහාටු වැනි ජීවිතවන්දනාවේ යන්න ඉපදීනමුත් ඒ දුර...

හිටපු රාජ්‍ය ඇමති වඩිවේල් සුරේෂ්ගෙන් FCIDය පැය 8ක් ප්‍රශ්න කරයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතාව...

මහින්ද හෙට විජේරාමෙන් තංගල්ලට යයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...