රට බංකොලොත් වුණේ කිසිම ප්‍රයෝජනයක් නොමැති සංවර්ධන ව්‍යාපෘති නිසා – විපක්ෂ නායක

Date:

කොළඹ LNW:ජන සමාජය තුළ විවිධාකාරයේ ගණුදෙනු සිදුවන බවත් උගත්කම වැඩිවෙන්න වැඩිවෙන්න ගණුදෙනුවත් ප්‍රශස්ත වන නමුත් නූගත්කම ප්‍රවර්ධනය වෙන විට යල්පැනගිය ගණුදෙනුවලට ප්‍රවේශ වන බවත් හොඳ ගණුදෙනුවලට ප්‍රවේශ වීමට නම් දත්ත, තොරතුරු, අත්හදා බැලීම්, දැනුම, බුද්ධිය හා ඥානය තිබිය යුතු බවත් එහි දී කවුරුන් හෝ තර්ක විතර්ක කර ගන්නවා නම් ඒවා දැනුමෙන් පවා කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සෑම වසර 5කට 6කට වරක් දේශපාලන ගණුදෙනුවක් සිදුවන බවත් එය රැස්වීම්, දැනුවත් කිරිම් හා කතිර ගැසීම්වලින් සිදුවන බවත් එහි දී ප්‍රශස්ත ලෙස ගණුදෙනු කිරීමට හැකියාව තිබිය දී කඩුව, කිණිස්ස, බයිනේත්තුව, බෝම්බ ආදිය පවා යොදා ගත් අවස්ථා තිබූ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

පුරවැසියන්ගේ දැනුම, බුද්ධිය හා ඥානය වර්ධනය වන විට ජීවිතයක් බිලිගන්න පෙර ජීවිත රැකගෙන ප්‍රශ්නත් විසඳගෙන උගත් තීන්දු තීරණ ගැනීමට පෙළඹෙන නිසා රටේ පාසල් පද්ධතිය පහසුකම්වලින් ශක්තිමත් කිරීම අංක 1 ප්‍රමුඛතාව විය යුතු බවයි ඔහු කියාසිටියේ.

එම නිසා ඉදිරියේදීවත් රටට ලාභදායී නොවන මහා පරිමාණයේ සෝබන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පෙර පාසල් පද්ධතියේ ඇති භෞතික හා මානව සම්පත් හිඟය විසඳීමට ප්‍රමුඛස්ථානය දිය යුතු බවත් මේ වන විට අප රට බංකොලොත් වී ඇත්තේ ණය ලබා ගෙන ආදායමක් නොලබන ව්‍යාපෘතිවලට යෙදවීම නිසා බවත් එහි දී එම ව්‍යාපෘතිවලට වැයවන මුදල නැවත ලබා ගත හැකි ක්‍රම ගැන සිතිය යුතු වුවත් ඒවා නොසිතා විවිධ පුද්ගලයන්ගේ ප්‍රතිරූප නිර්මාණය කිරීමේ ව්‍යාපෘති කරන්න ගිණිපොළී ණය ගත් නිසා රට බංකොලොත් වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන ලදී.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ හම්බන්තොට මුල්කිරිගල වීරකැටිය හිඟුරුමුලන ශ්‍රී පේමානන්ද කණිෂ්ඨ විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 215 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා ඇඳුම් ලබා ගැනීමට පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

විවිධ කතාවලට, වචනවලට රැවටී වරම් ලබා දීමෙන් පසු රටම ඔවුන්ගේ පවුල්වලට සින්නක්කරවම ලියා ගැනීම නිසා රට බංකොලොත් වූ බවත් මේ තත්ත්වයෙන් ගොඩ ඒමට නම් රටේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දිය යුතු බවත් ඒ තුළින් පවතින බංකොලොත්භාවයෙන් ගොඩ ආ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලෝකය තාක්ෂණයෙන් ඉදිරියට යන විට අපිට කයිවාරු ගගහ ඉන්න බැහැ

මේ වන විට ලෝකයේ සහ අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය කළු කෑල්ලෙන් පටන් ගෙන, වයිට් බෝඩ් එකට ගොස් සුහුරු පුවරුවක් දක්වා වර්ධනය වී ඇති බවත් දිනෙන් දින කෘතීම බුද්ධිය හරහා නව ඇප්ස් නිර්මාණය වන බවත් මේ තුළින් විශාල තාක්ෂණික දියුණුවක් ඇතිව තිබෙන බවත් මේ කතා කරන මොහොතේ පවා ලෝකය තාක්ෂණයෙන් ඉදිරියට යන විට අප රට කයිවාරු ගගහ ඉදිරියට යන බවත් මේ රසවත් කතාවලට බොහෝ දෙනෙක් රැවටෙන බවත් මේ ක්‍රමය වෙනස් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

බංකොලොත් මේ රටේ අපට උත්තර සහ මහජනතාව ජීවත් කරවන විසඳුම් අවශ්‍ය බවත් එම විසඳුම් ලබා දෙන්නේ කයිවාරුව ද ප්‍රායෝගික පිළිතුර ද කියා ජනතාව තීන්දු කළ යුතු බවද හෙතෙම පැවසුවේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 215ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2396ක් වැය කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...