යුපුන්ගේ සුළු ආබාධය සිහිනය සැබෑවක් කර ගැනීමේ දුර වැඩි කරයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 03, කොළඹ (LNW): ස්වීඩනයේ ස්ටෝක්හෝම් හී පැවති ඩයමන්ඩ් ලීග් තරගයේ මීටර් 100 සුපිරි ඉසව්වේ අදහස් කළ කාලය හා ස්ථානය වාර්තා කරන්නට යුපුන් අබේකෝන්ට හැකියාව ලැබුණේ නැහැ.ඒ ඔහු එම තරගයේ අවසාන මීටර් 30 ට ත් අඩු දුරකදී යම් කිසි ආබාධ තත්ත්වයකට ගොදුරු වීම නිසා වේගය අඩාල කිරීමට සිඳු වූ නිසයි.ඒ නිසා යුපුන්ට එම තරගය අටවැන්නා ලෙස අවසන් කිරීමට සිඳු වූ අතර ඒ සඳහා තත්පර 10.63 ක කාලයක් ගත කරන්නට ද සිඳු වුණා.


යුපුන් මෙම තරගයට පැය දෙකකටත් අඩු කාලයකට පෙර තරගාවලියට සම්බන්ධ ජාතික මීටර් 100 තරගයට තරග කරනු ලැබුවා.ඒ අවසාද සුපිරි මීටර් 100 තරගයේ ධාවන පථයක් වෙන් කර ගැනීම සඳහා යි.යුපුන් එම තරගය තත්පර 10.22 ට නිමා කර ජයග්‍රහණය කරමින් සුපිරි තරගයේ ධාවන පථයක් වෙන් කර ගැනීමට සමත් වුණත් එහි දී ඇති වූ තත්ත්වය නිසා පසු බැසීමට සිඳු වුණා.
සුදුසුකම් ලැබීමේ තරගයේ පළමු ස්ථානය සඳහා හිමිවන්නේ ප්‍රසාද ලකුණු 15 ක් වුණත් සුපිරි තරගයේ පළමු ස්ථානයට ප්‍රසාද ලකුණු 200 ක් හිමි වෙනවා.එම තරගයේ අට වැන්නාටත් ලකුණු 100 ක් ප්‍රසාද ලකුණු වශයෙන් හිමිවෙන බැවින් ඔලිම්පික් සඳහා ශ්‍රේණිගත කිරීමේ සටහනේ ඉදරියට එන්නට යුපුන්ට මේ තරගය වැදගත් වුණා.


නමුත් ආබාධ තත්ත්වය නිසා යුපුන්ට සුපිරි තරගයේ ප්‍රතිපලය අනුව හිමිවන්නේ ලකුණු 1099 ක් පමණයි.(999 + 100) එහෙත් යුපුන් සුදුසුකම් ලැබීමේ තරගයේදී වාර්තා කළ කාලය වාර්තා කළේ නම් මේ තරගයේ තෙවැන්නා වීමට තිබුණා.එවිට ඔහුට ප්‍රසාද ලකුණු 150 ක් සමඟ තත්පර 10.22 ට අදාළව හිමිවන ලකුණු 1132 ක් හිමි වන නිසා ලකුණු 1282 ක ලකුණු ප්‍රමාණයක් හිමි කර ගන්නට තිබුණා.එහෙත් මේ සමඟ ඇති යුපුන් තරග වැදුණු ආකාරය දැක්වෙන සහ ඔහුගේ වේගය අඩාල වන ආකාරය දැක්වෙන විශ්ලේෂණ සටහන විමසා බලද්දී පැහැදිළි වන්නේ ආබාධයට පත් නොවුණා නම් යුපුන් වඩාත් වේගවත් වන අවසාන මීටර් 30 – 20 අතර කාලයේ බලපෑමත් සමඟ ඔහුට මේ තරගය තත්පර 10.22 ට අඩුවෙන් නිමා කරන්නට තිබුණ බවයි.


කෙසේ වුව ඔහු ඊයේ සුදුසුකම් ලැබීමේ තරගයේ දී පළමු තැනට ලැබෙන ප්‍රසාද ලකුණු ගණන වන 15 ත් සමඟ එම තරගයෙන් ලකුණු 1147 ක් සහ සුපිරි තරගයේ දී ලකුණු 1099 ක් එකතු කර ගන්නට සමත් වෙනවා.


යුපුන්ට ඊ ළඟ තරගයට තව දින 15 ට ආසන්න කාලයක් තිබෙන අතර ඔහු ඇති වූ ආබාධ තත්ත්වය සම්බන්ධයෙන් දින තුනකට පසු ස්කෑන් පරීක්ෂණයකට පෙනී සිටීමට නියමිත බව පවසනවා.එහිදී යුපුන්ගේ ඔලිම්පික් සිහිනයට බාධාවන කිසිවක් සිඳු නොවේවා යන්න අපේ පැතුමයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වනජීවී නිළධාරීන්ගෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : යාල ජාතික...

චීනය දේශීය ජෙට්යානා ගුවන් සේවය පුළුල් කරමින් පළමු කාන්තා C919 කපිතාන්වරිය පත් කරයි!

සටහන – පුලී ජනවාරි 02, කොළඹ (LNW):  චීනයේ ගුවැන්ෂු සිවිල්...

වසර 66කට පසු වැසෙන iconic NASA research center ..

රෂිකා හෙන්නායක ජනවාරි 02 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඩොනල්ඩ් ට්‍රම්ප්...

CEB 11 % ඉක්මවූ ගාස්තු වැඩිකිරීමක් ඉල්ලයි!

කොළඹ LNW:ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලි...