මහ ගංවතුර තත්වය පිළිබඳ නවතම නිවේදනය

0
488

සටහන – රුවන් නෙළුගොල්ල

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අද (03) පෙරවරු 06.30 ට නිකුත් කර ඇති නිවේදනය අනුව ප්‍රධාන ගංගා කිහිපයක් ආශ්‍රිතව මේ වනවිට මහ ගංවතුර තත්වයන් ඇතිවී තිබේ.

ඒ අනුව කළු ගඟේ ඇල්ලගාව ප්‍රදේශයෙන් සහ කළු ගඟේ අතු අංගාවක් වන කුඩා ගඟේ කලවැල්ලාව ප්‍රදේශයෙන් මහ ගංවතුර තත්වයක් වාර්තා වෙමින් පවතී.

නිල්වලා ගඟේ තල්ගහගොඩ සහ පනාදුගම ප්‍රදේශවලින් මහ ගංවතුර තත්වයක් වාර්තා වේ.

මීට අමතරව අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් ද මහ ගංවතුර තත්වයක් වාර්තා වෙමින් ඇත.

ගංගාවල ජල මට්ටම් දැක්වෙන එම නිවේදනය පහතින් පළකර ඇත.