අධික වර්ෂාවෙන් දිස්ත්‍රික්ක 23කට බලපෑම්.සුරක්ෂිත මධ්‍යස්ථාන 25ක් ක්‍රියාත්මකයි!

Date:

කොළඹ LNW: අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 23ක ප්‍රාදේශීය ලේකම් කාර්යාල 261 ක පවුල් 13584 ක් පුද්ගලයින් 51895 ක් මේ වනවිට ආපදාවට ලක් වී ඇති බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

සුරක්‍ෂිත ස්ථාන 25 ක් මේ වනවිට පවත්වා ගෙන යන අතර එම ස්ථානවල පවුල් 388 ක සාමාජිකයින් 1468 දෙනෙකු නවතා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ වලට ඇති වී තිබෙන ගංවතුර තත්වය හේතුවෙන් ආපදාවට ලක්වුවන්ට සහන සැලසීම පිළිබද පැවති සකචජවෙන් අනතුරුවය.

පළාත් සභා හා පළාත් පාලන, පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ඇතුළු රත්නපුර දිස්ත්‍රික් නිලධාරීන්ද එම සාකච්ජාවට එක්ව සිටියහ.

එහිදී අමාත්‍යවරයා ආපදාවන්ට ලක්වූ ජනතාව වෙත පිසූ අහාර ඇතුළු අනෙකුත් අවශ්‍යතා කඩිනමින් ලබාදීම සදහා ගත යුතු පියවරයන් සම්බන්ධව පැමිණි සිටි නිලධාරීන් සමග සාකච්ඡා කල අතර, සහන සැලසීමේ කටයුතු සදහා අවශ්‍ය ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා ලබාදීම පිලිබදව හා ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්‍ෂක බලකාය මගින් සිදු කෙරෙන සහන සැලසීම පිලිබඳව මෙන්ම, සුරක්ෂිත මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේදී පැන නගින ගැටලු හා ඒවාට ගනු ලබන ක්‍රියාමාර්ග ඇතුළු බොහෝ කරුණු මෙම රාජ්‍ය නිලධාරින් සමග සාකච්ඡා කළේය.

එම සාකච්ඡාව සදහා ආරක්‍ෂක සේනා – බටහිර ආඥාපති මේජර් ජෙනරල් මහේන්ද්‍ර ප්‍රනාන්දු, රත්නපුර දිස්ත්‍රික් මැති ඇමති සම්බන්ධීකරණ ලේකම්වරුන්, දිස්ත්‍රික් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් – පාලන, රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ, රත්නපුර ප්‍රාදේශිය ලේකම්, දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු, විධායක ඉංජිනේරු මාර්ග සංවර්ධන අධිකාරිය, විදුලි අධිකාරි, දිස්ත්‍රික් නිලධාරි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරින් පිරිසක්ද සහභාගී විය.

විශේෂයෙන් කළුතර, කොළඹ, මාතර, ගාල්ල යන දිස්ත්‍රික්කවල ගංවතුර බලපෑම ඉහල මට්ටමක තිබෙන බවත් ඇතැම් ප්‍රදේශවලට මි.මි 400 කට වැඩි වර්ෂාපතනයක් ඇද හැලීම මෙම තත්ත්වය උද්ගත වීමට දැඩි වශයෙන් බලපෑ බවත් සඳහන් කරන ලදි.

මෙම ආපදා තත්වය පිළිබඳව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා පීඩාවට පත් ජනතාවට උපරිම සහන ලබාදීමට කටයුතු සිදු කරනු ලබන බවත් මේ වනවිට ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්‍ෂක බලකාය සහන සැලසීමේ කටයුතු සඳහා ස්ථාන ගත කර ඇති බවත් ග්‍රාම නිලධාරින්, සංවර්ධන නිලධාරින්, කෘෂී නිලධාරින්, ආපදා සහන නිලධාරින් ඇතුළු රාජ්‍ය සේවයේ සියළු නිලධාරින් පීඩාවට පත් ජනතාව වෙත ලබා‌ දිය හැකි උපරිම සහයෝගය සහ සහන ලබා දීමට කටයුතු සිදු කරනු ලබන බවත් අමාත්‍යවරයා සඳහන් කරන ලදි.

පීඩාවට ලක්ව ඇති ජනතාව එම ස්ථාන වලින් ඉවතට ගැනීම මෙන්ම එම පිරිස් වෙත පිසූ ආහාර ලබා දීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ භට පිරිස් යොදා ඇති අතර නාවික හමුදාව බෝට්ටූ හා පාරු ආධාරයෙන් පීඩාවට පත්වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ගුවන් හමුදාව හෙලිකොප්ටර් 3 ක් සහන සැලසීමේ කටයුතු සඳහා ස්ථාන ගත කර තිබේ.

ආපදාවන්ට ලක්වූවන්ට සහන සැලසීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මේ වනවිටත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා අවශ්‍ය ස්ථානවලට ලබාදීමට කටයුතු සිදුකර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දශක 06කට පසු ප්‍රතිසංස්කරණය වන කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ..(1964 – 2025)

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : වසර 60කට පසුව...

ඇෆ්ගන් දේශසීමාවේ දරුණු ගැටුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ සතියේ ඇෆ්ගන්...

අසාධාරණයට ලක් ව ඇති ගුරු සංවර්ධන නිලධාරීන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා – විපක්ෂ නායක

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : මේ වනවිට අසාධාරණයට...