තායිවාන බෙදුම්වාදීන් මැඩපැවැත්වීමට චීන මහජන විමුක්ති හමුදාව සූදානමින්!

Date:

කොළඹ LNW:තායිවානයේ ස්වාධීනත්වය” කිසිවිටෙකත් සිදු නොවන බව සහතික කරමින් එය මැඩපැවැත්වීමට චීන මහජන විමුක්ති හමුදාව (PLA) දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව චීනය ප්‍රකාශ කරනවා.

චීන ආරක්ෂක අමාත්‍ය Dong Jun මහතා මේ බව ප්‍රකාශ කළා. ඒ සිංගප්පූරුවේ පැවැත්වෙන 21 වැනි ජාත්‍යන්තර උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ Shangri-La සංවාදයෙහි “ගෝලීය ආරක්ෂාව සඳහා චීනයේ ප්‍රවේශය” පිළිබඳ දේශනයක් සිදු කරමින්.

සාමකාමී සංවර්ධනය චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනිවාර්ය අංගයක් වන අතර කිසිවිටෙකත් ආධිපත්‍යය හෝ හමුදා ව්‍යාප්තිය ක්‍රියාත්මක නොකරන බව හෙතෙම එහිදී පැවසුවා.

ආසියා පැසිෆික් කලාපයේ රටවලට සිය ගැටළු විසඳා ගැනීමට හැකි බවත් ඒ සඳහා බාහිර අධිපතිවාදී බලවතුන්ගේ අනිසි මැදිහත්වීම හෙළා දකින බව ද ඔහු කියාසිටියා.

චීන තායිවාන ප්‍රදේශයේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයේ බලධාරීන් තායිවාන සමුද්‍ර සන්ධියේ දෙපාර්ශ්වය අතර සමාජ, ඓතිහාසික හා සංස්කෘතික බැඳීම් බිඳ දැමීමේ උත්සාහයක නිරත වෙමින් සිටිනවා.

එමෙන්ම එම කලාපයට ආයුධ විකිණීම සහ තායිවාන ස්වාධීනත්වය ප්‍රවර්ධනය කිරීමට ඇතැම් බාහිර බලවේග අඛණ්ඩව උත්සාහ කරමින් සිටිනවා. ඒ ඔස්සේ චීනය මර්දනය කිරීමට ප්‍රයත්න දැරුව ද ඉන් තායිවානය භයානක තත්වයකට ගෙන යනු ඇති බවයි චීනය අවධාරණය කරන්නේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...