මම කතා කළේ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මත.වෙන කතා වැඩක් නැහැ.මගේ යෝජනාවට හාද බෑද කියන්න – රංගේ බණ්ඩාර

Date:

කොළඹ LNW:පසුගිය සතියේ තමන් කළ ප්‍රකාශය සිදුකළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මත බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේය.

ඒ, අද (03) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.

”විවිධ පුද්ගලයින් විවිධ කතා කිව්වා. ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්න කටයුතු කරනවා කිව්වා. විවේචනයන් සිදුකළා. මම කිසිම ප්‍රජාතන්ත්‍රවිරෝධී ප්‍රකාශයක් කරලා නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට එකඟව මම කිව්වේ ජනමත විචාරණයක් සහ පාර්ලිමේන්තුවේ කාර්යභාරය. ජනාධිපතුමා රට භාර ගෙන මේ වෙලාවේ කරගෙන යන වැඩපිළිවෙල ගැන රටේ බහුතරයක් ජනතාවගේ විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. ජනතාව තුළ පවතින මත තමයි මා ඔබට ප්‍රකාශ කළේ. මම අනිත් දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිනවා මේ වැඩපිළිවෙල පිළිගන්න කැමතිද මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියනවද කියන එක කරුණාකරලා රටට ප්‍රකාශ කරන්න. මාව විවේචනය කළාට වැඩක් නැහැ. අද වෙනකන් සජිත් ප්‍රේමදාස මහත්තයත් අනුර දිසානායක මහත්තයත් මේකට විරුද්ධව වචනයක්වත් කියනවා මට ඇහුනෙත් නැහැ, මම දැක්කෙත් නැහැ. මම විශ්වාස කරනවා රට ගොඩනගන වැඩේදී මම ගෙනාපු යෝජනාවට ඒ ගොල්ලන්ගේ විරුද්ධතාවක් නැහැ කියල.” යනුවෙන් රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...